මහනුවර, අම්බුළුවාව නිදන් කොල්ලයට තමන් සම්බන්ධ නැතැයි අගමැතිවරයා ප්‍රකාශ කිරීම අසත්‍යයක් බව අම්බුළුවාවේ ධර්ම ගවේෂී විහාරාධිපති උනන්විටියේ ශාන්ත භද්‍ර හිමියෝ අවධාරණය කරති.
ඒ හිමියන් මේ අදහස් දැක්වූයේ පසුගිය සතියේ 'මව්බිම' පුවත්පතට අග්‍රාමාත්‍යවරයා කළ ප්‍රකාශයට පිළිතුරු වශයෙනි. අගමැතිවරයා මෙහිදී පවසා තිබුණේ තමන් අම්බුළුවාවෙන් කිසිදු නිධානයක් නොගත් බවයි.අම්බුළුවාව සර්ව ආගමික පුදබිමේ දි.මු. ජයරත්න මහතා නිධානය ලබාගත් බවට දැනටද සාක්ෂි ඇති බව පවසන ඒ හිමියන් අඩි 500ක් ගැඹුරු ප්‍රධාන සම්මන්ත්රණ ශාලාව ඉදිකර ඇත්තේ නිධානය ලබාගැනීමට හෑරූ ස්ථානයේ බව පැවැසීය.තමන්ට දරුවන් පස්දෙනකු සිටින බවට අපහාස කරමින් අගමැතිවරයා තම නිවැරැදිභාවය ඔප්පු කිරීමට උත්සාහ ගන්නා බවත් දින 7ක් මුළුල්ලේ පිරිත් සජ්ජායනා කරමින් මේ නිධානය ලබාගෙන ඇති බවට ශාන්ත භද්‍ර හිමියෝ පැවැසූහ.
තමාට කිසිදු පක්ෂයක් නොමැති බවත්, පසුගිය ඡන්දය කාලයේදී වත්මන් ජනාධිපතිවරයා පරාජය කිරීමට රනිල් වික්‍රමසිංහ මහතා සමඟ කටයුතු කෙළේද ජයරත්න මහතා බවද අම්බුළුවාවේ ධර්ම ගවේෂී විහාරාධිපති උනන්විටියේ ශාන්ත භද්‍ර හිමියෝ වැඩිදුරටත් පැවැසූහ.