පෙබරවාරි 15 වැනිදාට පෙර බස් ගාස්තු සංශෝධනය සම්බන්ධයෙන් ස්ථිර විසඳුමක් නොලැබුනහොත් දිවයින පුරා හදිසි බස් වර්ජනයකට සූදානම් බව ලංකා පෞද්ගලික බස් හිමියන්ගේ සංගමයේ සභාපති ගැමුණු විජේරත්න පවසයි.
කොළඹ අද (06) පැවති මාධ්‍ය හමුවකදී ඔහු සඳහන් කළේ ගාස්තු සංශෝධනයකදී තමන් අපේක්ෂා කරන්නේ මූල්‍ය සහනාධාරයක් හෝ ඉන්ධන සහනාධාරයක් පමණක් බවයි.බස් ගාස්තු ඉහළ දැමීමකට වඩා රජයට ඉතා පහසුවෙන් මුල්‍ය සහනාධාරයක් ලබා දිය හැකි බව විජේරත්න මහතා මෙහිදි පෙන්වා දුන්නේය.
මේ පිලීබද රජය අවධානය යොමු නොකල හොත් 15 වනදායින් පසු කුමන මෙහොතක හෝ කෙටි දැනුම්දීමකින් දිවයින පුරා බස් ධාවනයෙන් බවත් වන බවට එම සංගමය අනතුරු අගවා තිබේ.මෙම ගැටලුව පිලිබදව සියලු දෙනාම ලිකිතව දැනුවත් කර ඇති බවත් එලෙස හදිසියේ ගනු ලබන වර්ජන ක්‍රියාමාර්ගයකදී කිසිවකුට දෝෂාරෝපනය කළ නොහැකි බවත් ගැමුනු විජ්රත්න මහතා මෙහිදි වැඩිදුරටත් සදහන් කළේය.
මේ වන විට මෙම තතවය යටතේ බස් කර්මාන්තය පවත්වා ගෙන යා නොහැකි තත්වයක් මතුව ඇති බවද විජේරත්න මහතා මෙහිදි වැඩිදුරටත් පැවසීය.