ශ්‍රී ලංකාව සහභාගී වන නිසා ආසියානු ක්‍රීඩා උළෙල තමිල්නාඩුවේ බැහැ

ශ්‍රී ලංකාව සහභාගී වන නිසා, ජූලි මාසයට නියමිත ආසියානු මලල ක්‍රීඩා ශුරතා තරගාවලිය පැවැත්වීම ප්‍රතික්ෂේප කරන බව ඉන්දීය තමිල්නාඩු ප්‍රාන්ත රජය ප්‍රකාශ කරයි.මෙවර ආසියානු මලල ක්‍රීඩා තරඟ පවත්වන සත්කාරක රට ඉන්දියාව වන අතර තරඟ පැවැත්වෙන්නේ තමිල්නාඩු ප්‍රාන්තයේයි.ශ්‍රී ලංකාවේ සුලුතර දෙමළ ජනතාවට එරෙහිව ජන සංහාර සිදුකරන බවට තමිල් නාඩු ප්‍රාන්ත මහා ඇමතිනි ජේ.ජෙයලලිතා විසින් චෝදනා එල්ල කොට තිබේ.තරඟාවලියට ශ්‍රී ලාංකික ක්‍රීඩක ක්‍රීඩිකාවන් සහභාගිවීමෙන් දෙමල ජනතාවගේ හදවත් පෑරෙණු ඇති බව තමිල් නාඩු රජය ආසියානු මලල ක්‍රීඩා සංවිධානය වෙත ලිඛිතව දන්වා යවා ඇත.
මේ අතර, එල්ටීටීඊ නායක ප්‍රභාකරන්ගේ බාල පුත් බාලචන්ද්‍රන් අත්අඩංගුවට ගෙන සිටින සහ පසුව ඝාතනය කර ඇති ආකාරය දැක්වෙන වීඩියෝ දර්ශන සහ ඒ පිලිබඳ වාර්තා එක්සත් ජාතීන්ගේ මහ ලේකම්වරයාගේ කාර්යාලය දැන සිටින නමුත් ඒ ගැන අදහස් දැක්වෙන විශේෂ ප්‍රකාශයක් කර නොමැති බව එක්සත් ජාතීන්ගේ මහලේකම්වරයාගේ ප්‍රකාශක මාර්ටින් නෙසිර්ස්කි පවසයි.දෛනික තොරතුරු දැනුම්දීම සඳහා පැවැත්වෙන මාධ්‍ය සාකච්ජාවේදී බදාදා මාධ්‍යවේදියකු නැගු ප්‍රශ්නයකට පිලිතුරුදෙමිනුයි ඔහු ඒ බව කියා සිටියේ.


ශ්‍රී ලංකාවේ සිදුව ඇති යුද අපරාධ පිළිබඳ වගකීම් සම්බන්ධයෙන් සොයා බැලීම පූර්ණ අවංක ජාතික ක්‍රියාවලියක් මගින් සිදුකිරීමේ තීරණාත්මක වැදගත්කම එක්සත් ජාතීන්ගේ මහ ලේකම්වරයා නිරන්තරයෙන්ම අවධාරණය කොට ඇති බව මහලේකම්වරයාගේ ප්‍රකාශක මාර්ටින් නෙසිර්ස්කි ප්‍රකාශ කළේ, එක්සත් ජාතීන් විසින් ශ්‍රී ලංකාව පිළිබඳව සකසන වාර්තා තුනක් ගැන මාධ්‍යවේදියා විසින් විමසා සිටි අවස්තාවෙදීයි.

Gossip Lanka Hot News Previous News Archive