ඉරාන ජනාධිපතිට ඊජිප්තුවේදී සපත්තු ප්‍රහාරයක්

ඉරාන ජනාධිපති මොහොමඩ් අහමඩිනේජාඩ් වෙත ඊජිප්තුවේදී සපත්තුවකින් දමා ගැසීමට උත්සහ කළ පුද්ගලයෙක් අත් අඩංගුවට ගැනේ.ඊජිප්තුවේ නිල සංචාරයකට පැමිණි ඉරාන ජනාධිපතිවරයා කයිරෝ නුවර පිහිටි දේවස්ථානයක් නරඹමින් සිටියදී මෙම සපත්තු ප්‍රහාරය එල්ල වී තිබේ.
ජනතා අතර සිටි පුද්ගලයෙක් “බියගුල්ලා“ යනුවෙන් කෑ ගසමින් සිය සපත්තුවෙන් ඉරාන ජනාධිපති වරයාට දමා ගසා ඇති නමුත් ඔහුට පහරදීමට අවස්ථාව නොලැබුන බව විදෙස් වාර්තා කියයි.ආරක්ෂක අංශ විසින මෙම පුද්ගලයා ඉවත් කරලෙන ඇති අතර ඔහුගේ භාෂා උච්චාරණයෙන් ඔහු සිරියාන් ජාතිකයෙකු විය හැකි බවට අනුමාන කෙරේ.


විශේෂයෙන්ම එක් සපත්තුවකින් පහර දීම ආරාබි සංස්කෘතිය තුළ ඇති පහත්ම ක්‍රියාවක් ලෙස සැලකෙයි.

මෙම ප්‍රහාරයට හේතුව පිලිබදව මෙතෙක් තොරතුරු වාර්තා වී නොමැති අතර ඉරානය සිරියානු රජයට සහය දැක්වීමට විරෝධය පල කරමින් මෙම ප්‍රහාරය එල්ල වන්නට ඇතැයි සැක කෙරේ.

මෙම අවස්ථාවේ එම පල්ලියෙන් පිටත ප්‍රෙද්හයේ ඉරාන විරෝධි පුවරු ඔසවාගෙත් තරුණ පිරිසක්ද රැදි සිටි බව විදෙස් වාර්තා කියයි.

ජනාධිපති අහමඩීන්ජාඩ් වර්ෂ 1979 ඉස්ලාම් විප්ලවයට පසු එහි සංචාරය කරන ප්‍රථම ඉරාන නායකයා වෙයි.මෙම සංචාරය තුලදී ඉරාන නායකයා ඉස්ලමීය සහෝදරත්වය පිලීබද සමුළුවකට සහභාගි වීමට නියමිත අතර ඊජිප්තු ජනාධිපති මොහොමඩ් මුරසි හමුවී සාකඡ්චා කිරීමට ද නියමිතව තිබේ.

Gossip Lanka Hot News Previous News Archive