ආණ්ඩුවේ කුමන්ත්‍රණ පරදා රටට වන විනාශය නතර කිරීම සඳහා පුළුල් ජනතා බලවේග ඒකරාශී විය යුතු බව අධිරාජ්‍යවිරෝධී ජනතා ව්‍යාපාරයේ සම කැඳවුම්කරු ජ්‍යෙෂ්ඨ කථීකාචාර්ය පූජ්‍ය දඹර අමිල හිමියෝ පවසති.උන්වහන්සේ පෙන්වා දුන්නේ අධිරාජ්‍යවාදය, රටට විජාතික බලවේග කැඳවන ආණ්ඩුව ලෙසිනුත් ආණ්ඩුව නිර්මාණය කරන අර්බුදවල ගැලවුම්කරුවා ලෙසිනුත් ආකර දෙකකින් පෙනී සිටිමින් රට විනාශ කරන බවයි.
අද (03) කොළඹ ජාතික පුස්තකාලයේ පැවති මාධ්‍ය හමුවකදී වැඩිදුරටත් අදහස් දැක්වූ අමිල හිමියන් ප්‍රකාශ කළේ, අධිරාජ්‍යවිරෝධී ජනතා ව්‍යාපාරය ලෙස එළඹෙන 06වනදා පා ගමන් දෙකක් සහිත දැවැන්ත රැලියක් හයිඩ් පිටියේ සූදානම්කර ඇති බවත් ඒ සඳහා රටට ආදරය කරන සියලූ දෙනාට ආරාධනා කරන බවත්ය.
එහිදි අදහස් දැක්වු දඹර අමිල හිමියෝ,
“අද අපට ද්විත්ව සතුරෙක් හඳුනාගත හැකියි. ඒ අධිරාජ්‍යවාදී බලවේගවලට රටට පාර කපන ආණ්ඩුවයි. ආණ්ඩුව මානව හිමිකම් කඩමින් ප්රජාතන්ත්රවාදය වළලමින් අධිරාජ්‍යවාදීන්ට, රටට මැදිහත්වීමට ඉඩකඩ හදනවා. ජනමාධ්යවේදන්ට තර්ජනය කිරීම්, අතුරුදහන් කිරීම්, මාධ්‍ය ආයතන ගිණි තැබීම්, සිදුකරමින් ජනතාවට ආණ්ඩුවේ සැබෑ ස්වරූපය කාන්දු වීම වළකාලීමට උත්සාහ කරනවා. සියලූ මාධ්‍ය හිරිවට්ටවා තිඛෙනවා. මාධ්‍යවල නිසි ලෙස රටේ සිදුවන දේ වාර්තා නොවන්නේ මාධ්‍යවේදීන්ගේ ප්‍රශ්නයක් නිසා නොවෙයි. ආණ්ඩුවේ මැරවර හැසිරීම නිසයි.
අධිරාජ්‍යවාදීන්ගේ වුවමනාව අනුව අධ්‍යාපනය විකිණීමට ආණ්ඩුව සැරසෙමින් සිටිනවා. ඊට බාධාවක් වන ශිෂ්‍ය ව්‍යාපාරය මර්දනය කරන්න ආණ්ඩුව කටයුතු කරනවා. මෙවර උසස් පෙළ සමත්වීමේ ප්‍රතිශතය 61%කට වැඩි අගයක් බවට පත්කර තිඛෙනවා. එය දළ වශයෙන් එක් ලකෂ හතලිස් හතරදාහක් පමණ. මෙයින් විශ්වවිද්‍යාලවලට බඳවාගත හැක්කේ 25,000ක පමණ ප්‍රමාණයක්. එසේ තිබියදී වැඩි ප්‍රතිශතයක් සමත් කිරීම තුළ පෞද්ගලික විශ්වවිද්‍යාලවලට ඉතුරු ශිෂ්‍ය පිරිස තල්ලූ කිරීමේ කුමන්ත්‍රණයක් විය හැකියි. ඒ පිළිබඳව බරපතල සැකයක් අපට තිඛෙනවා. දැනට ගම්පහ ප්‍රදේශයේ ආණ්ඩුවේ මැදිහත්වීම මත පෞද්ගලික විශ්වවිද්‍යාලවලට ඉඩම් වෙන්කරමින් තිඛෙනවා. ජනතා විරෝධය මත හකුළා ගත් අධ්‍යාපනය පෞද්ගලීකරණ පනත් අධිරාජ්‍යවාදීන්ට අවශ්‍ය ලෙස නැවත ගෙනඒමට උත්සාහ කරනවා.“
ආණ්ඩුව මැතිවරණ සිදුකරන ආකාරය පිළිබඳවත් රටේ ජනතාව අමුතුවෙන් කිවයුතු නැහැ. රාජ්‍ය සම්පත්, රාජ්‍ය දේපළ, රාජ්‍ය මාධ්‍ය, රාජ්‍ය නිලධාරීන් සියල්ල ආණ්ඩුව වෙනුවෙන් පාවිච්චි කරගන්නවා. ආසන්නම සිදුවීම ගත්තොත් අගවිනිසුරුවරිය ඉවත්කිරීමේ ප්රජාතන්ත්රවිරෝධී ක්‍රියාවලිය රටට හතුරු ප්‍රතිඵල ගෙනඑමින් තිඛෙනවා.
මේවන විට රට තුළ මුස්ලිම් විරෝධයක සළකුණු මතුකරමින් තිඛෙනවා. 30 වසරක යුද්ධයේ තුවාල තවමත් සුවවී නොතිබියදී මුස්ලිම් විරෝධයක් ආණ්ඩුවේ ආශිර්වාදය ඇතිව මතුවෙමින් තිඛෙනවා. අප විශ්වාස කරන අන්දමට මේ කණ්ඩායම් වල හැසිරීම මගින් සිදුවන්නේ ජාත්‍යන්තර බලවේගවල අවශ්‍යතා ඉටුවීමක්. අප දන්නවා යුදමය පෙරමුණ මගින් අධිරාජ්‍යවාදීන්ට රට කැබළිකර දුබල කරගන්න බැරි වුණා. නමුත් ඔවුන් ඒතුළ සිංහල, දෙමළ ජාතිකත්වයන් අතර මිත්‍රත්වය, සහෝදරත්වය බිඳ දැමීමට සමත් වුණා. යුද්ධය අවසන් වී වසර තුනක් ගතවී තිබුණත් ඒ දුරස්වූ මිත්‍රත්වය සමීප කරනවා වෙනුවට ආණ්ඩුව කරමින් සිටින්නේ තුවාල පාරවන කටයුතුයි.
මීට එරෙහිව සිංහල, දෙමළ, මුස්ලිම් ජනතාව ඒකරාශී කළ යුතුයි, බලලෝභය වෙනුවෙන්, ඡන්ද වෙනුවෙන් දුරදිග නොබලා කරන මෙම කටයුත්තෙන් රටට සිදුවන හානිය අතිවිශාලයි. අධීරාජ්‍යවාදීන්ට මේ රට පිළිකන්නක් වියයුතු නැහැ. ආර්ථීක, සමාජයීය, දේශපාලන නිදහස අපේ රටට තිබිය යුතුයි. එසේම ජාත්‍යන්තරය සමඟ බුද්ධිමත්ව සිදුකරන රාජ්‍යතාන්ති‍්‍රක සබඳතාද අපේ රටට අවශ්‍යයයි. සිංහළ, දෙමළ, මුස්ලිම්, බෞද්ධ, ක්‍රිස්තියානි, හින්දු, ඉස්ලාම් විවිධත්වයේ චමත්කාරය ලාංකේය ජාතියට අප උරුම කරදිය යුතුයි. මේ සියලූ ජනතාව පකෂ භේදයක් නොමැතිව ශ්‍රීලංකා, යු.ඇන්.පී. පකෂවල පවා රටට ආදරය කරන සියලූ දෙනාට ඒ සඳහා ඒකාබද්ධ විය හැකියි. ද්විත්වාකරයෙන් කටයුතු කරන රටට හතුරු බලවේග හඳුනා ගැනීමට හයිබ්‍රිඩ් සතුරන්ට එරෙහිව පෙළ ගැසීමට හයිබ්‍රිඩ් සතුරා පැරදවීමට එළඹෙන 06වනදා අප සංවිධානය කරන පා ගමන්වලට හා රැලියට සහභාගි වන ලෙස සියලූ ජනතාවට ඇරයුම් කරනවා."