ඉන්දියාවෙන් ඌරු මස් ආනයනය තහනම්

ඉන්දියාවෙන් ඌරු මස් හෝ ඒ ආශ‍්‍රිත නිෂ්පාදන ආනයනය කිරීම තහනම් කර තිබෙනවා. එරට පුරා එච්.වන් එන්.වන් (A1H1) හෙවත් සූකර උණ පැතිර යමින් තිබීම ඊට හේතුවයි.

එවැනි රෝගයක් පැතිර යන රටකින් ඊට පාදක වන ජීවීන් හෝ ඔවුන්ගෙන් කෙරෙන නිෂ්පාදන ආනයනය තහනම් කිරීම ජාත්‍යන්තර ප‍්‍රමිතියක් වනවා. ශ‍්‍රී ලංකාවද එම ප‍්‍රමිතියට ගරුකරන බවයි සත්ව නිෂ්පාදන හා සෞඛ්‍ය දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් ඩබ්ලිව්. කේ.සිල්වා මහතා පැවසුවේ.මේ අතර ඉකුත් මාසයක පමණ කාලයේදී ඉන්දියාවෙන් හඳුනා ගැනුණු එච්.වන් එන්.වන්(A1H1) හෙවත් සූකර උණ ආසාදිතයන්ගේ සංඛ්‍යාව 500ක්ද ඉක්මවන බව ”ඉන්ඩියන් ටයිම්ස්” වෙබ් අඩවිය පවසනවා.

Gossip Lanka Hot News Previous News Archive