හලාල් සහතිකය අවලංගු කිරීමට පියවර නොගන්නේ නම් ඊට විරුද්ධව උද්ඝෝෂණ ව්‍යාපාරයක් පිළියන්දලින් ආරම්භ කරන බව එම පක්ෂයේ බස්නාහිර පළාත් සභා මන්ත්‍රී නිරෝෂන් පාදුක්ක මහතා පවසයි.එක්සත් ජාතික පක්ෂය 'හලාල් සහතිකය'ට විරුද්ධ බව ද ඔහු කියා සිටියි.
විපක්ෂ නායක කාර්යාලයේ ඊයේ (20) පැවැති මාධ්‍ය හමුවේදී පළාත් සභා මන්ත්‍රීවරයා එබව සඳහන් කළේය.මෙම සහතිකය වහාම අවලංගු කළ යුතු යෑයි පැවසූ ඒ මහතා, හලාල් සහතිකය පිළිබඳව ආණ්ඩුවේ මතය කුමක්දැයි වහාම රටට හෙළි කළ යුතු බවද ප්‍රකාශ කළේය.විපක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා ඉකුත් දා පාර්ලිමේන්තුවේදී කියා සිටියේ, 'හලාල්' සහතිකය ලබාදීම ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය හෝ වෙනත් රාජ්‍ය ආයතනයක් විසින් සිදුකළ යුතු බවයි.කෙසේවුවද, එජාප සන්නිවේදන අංශ ප්‍රධානි මංගල සමරවීර මහතා 'බොදු බල සේනාවේ' 'හලාල් විරෝධයට පසුගිය දා දැඩි වාග් ප්‍රහාරයක් එල්ල කළේය.
ඊයේ පිලිතුරු දෙමින් එම සංවිධානයේ ලේකම් මහ ලේකම් ගලගොඩඅත්තේ ඥානසාර හිමියන් කියා සිටියේ, බොදු බල සේනා සම්බන්ධයෙන් සමරවීර මහතා කළ ප්‍රකාශය එක්සත් ජාතික පක්ෂයේ නිල ස්ථාවරය දැයි රනිල් වික්‍රමසිංහ මහතා වහාම රටට හෙළි කළ යුතු බවයි.
බස්නාහිර පළාත් සභා මන්ත්‍රී නිරෝෂන් පාදුක්ක මහතා ඊයේ මාධ්‍ය හමුවක් කැදවා එජාපයේ ස්ථාවරය පැහැදිලි කළේය.