එක්සත් ජාතික පක්ෂයට රැඩිකල් වෙනසක් ඇති කිරීමට නම් වත්මන් පක්ෂ නායකත්වයට මෙඩිකල් ලබාදී විශ්රාම යැවිය යුතු යැයි එක්සත් ජාතික පක්ෂයේ දකුණු පළාත් සභා මන්ත්රි මෛත්රි ගුණරත්න මහතා අක්මීමනදී පැවැසීය.
ඒ මහතා මේ අදහස් පළකළේ පසුගිය 24 වැනිදා පස්වරුවේ අක්මීමන කපුහෙම්පළ ප්රදේශයේ අඩු ආදායම්ලාභී පාසල් දරුවන් වෙත පාසල් උපකරණ බෙදා දීමේ උත්සවයක් අමතමිනි.
මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ නීතිඥ මෛත්රි ගුණරත්න මහතා මෙසේද පැවැසීය. අද වන විට පක්ෂයේ පාර්ලිමේන්තු, පළාත් සභා, ප්රාදේශීය සභා මන්ත්රිවරුන් පිරිසකට සිරිකොත තහනම් කර තිබෙනවා. පක්ෂයේ දක්ෂ මිනිස්සු එළවා දමා පක්ෂයට රැඩිකල් වෙනසක් ඇතිකරන්න පුළුවන්ද කියලා අපි පක්ෂ නායකත්වයෙන් අහනවා. අද කියනවා පක්ෂය දිනවන්න නම් රනිල් එක්ක එකතු වෙන්න කියලා. අපි කොයි තරම් කාලයක් මේ පක්ෂයේ ඉන්නවද. මෙයා එක්ක හිටියට පක්ෂයට ජයග්රහණය ගේන්න පුළුවන් කමක් නෑ.
අද විපක්ෂ නායකයා ශ්රී ලංකාවේ දැවැන්තම පක්ෂය වන එක්සත් ජාතික පක්ෂය ආණ්ඩුවේ ඕනෑ එපාකම් ඉටුකරන, රෙදි හෝදන තත්ත්වයට පත්ව සිටිනවා.
අද විපක්ෂ නායකයා ශ්රී ලංකාවේ දැවැන්තම පක්ෂය වන එක්සත් ජාතික පක්ෂය ආණ්ඩුවේ ඕනෑ එපාකම් ඉටුකරන, රෙදි හෝදන තත්ත්වයට පත්ව සිටිනවා.
අද මහජනතාව බඩුමිල වැඩි නිසා අසරණ වෙලා, ඉන්ධන මිල වැඩි කරලා. නමුත් විපක්ෂයේ යුතුකම වගකීම වන මෙම තත්ත්වයන්ට එරෙහිව හඬ නැඟීම වෙනුවට එක්සත් ජාතික පක්ෂයේ මෙම පීඩනයන්ට එරෙහිව කිසිදු ක්රියාමාර්ගයක් ගෙන නෑ. මේ ආණ්ඩුව වගේම විපක්ෂයත්, විපක්ෂ නායකවරයා හරහා ජනාධිපතිවරයා විසින් තමන්ට වුවමනා අයුරින් හසුරුවමින් සිටිනවා. මෙහිදී අඩු ආදායම් ලාභී පාසල් දරුවන් පනස් දෙනකු වෙත පාසල් උපකරණ ප්රදානය මන්ත්රිවරයා අතින් සිදුවිය.