සකල ආශ්චර්යය සෞභාග්‍යය සශ්‍රීකත්වය සාමය සමෘද්ධිය ධනය අලංකාරය රූපශ්‍රීය ප්‍රේමය වැනි ගුණාංගයන් ලෝවාසී ජනයාට ප්රදානය කරන්නා වූ සර්ව ශුභවාදී දෙවඟනක් ලෙස සැලකෙන ශ්‍රී ලක්ෂ්මී දෙවඟනගේ අති ප්‍රබල ආකර්ෂණීය දේව බැල්ම හෙවත් දෘෂ්ටි ලැබීමේ බලගතු ශ්‍රී ලක්ෂ්මී මහා ධන යෝගයක් හෙට (23 දා) උදෑසන 6.27 ට උදා වේ.
ඉතාමත් කලාතුරකින් යෙදෙන අතිදුර්ලභ විශ්මිත තෙද බලැති මෙකී ධන ලක්ෂ්මී යෝගයෙන් සියලු ග්‍රහ දොස් සඳහා බෝධි පූජා, නවග්‍රහ අපල, සෙනසුරු ඒරාෂ්ටක සඳහා ග්‍රහ පූජා, සියලුම ආකාරයේ යන්ත්‍ර ප්‍රස්තාරගත කිරීම හා ජීවම් කිරීම ඇරඹීම, නමට ලග්නයට නැකතට සිද්ධි කර පැළඳවීම, සෙත්කවි රචනයට, කියවීම, නිවාස, ව්‍යාපාර ස්ථාන ආරක්ෂාව දේව සමූහයා වෙත පවත්වන සියලුම පූජාවන් යනාදී සුබ කාර්යයන් ඉටුකරගැනීමෙන් විශිෂ්ට ප්‍රතිඵල ළඟාකරගත හැකි බව සත්‍යයකි.
හෙට උදෑසන මෙම වේලාව තුළ නිවසේදී හෝ ශ්‍රී ලක්ෂ්මී දේවිය වැඩ සිටින දෙවොලකදී ලෞකික සැපත සඳහා ලක්ෂ්මී දෙවඟනගේ පිහිට බලාපොරොත්තු වන ඔබ ශ්‍රී ලක්ෂ්මී දෙවඟන තුටු පහටු කරවීමේ අරමුණින් ගිතෙල් පහනක් දල්වා රතු නෙළුම් මල් පූජා කර සැවැන්දරා, සුදු හඳුන්, දේවදාර, හල්දුම්මල සමව ගෙන වියළා කුඩු කරගත් සුවඳ ධූපය අල්ලා සමන් පිච්ච මල්, බෙලි කොළ අමුණා සාදාගත් මාලයක් ශ්‍රී ලක්ෂ්මියට පළඳවා වන්දනාමාන කර පිං පෙත් අනුමෝදන් කර ඔබගේ සියලු දුක් කරදර නිමවීමට ශ්‍රී ලක්ෂ්මී දෙවඟනගේ ආශිර්වාදය ලබාදෙන මෙන් ඉල්ලා සිටින්න.
මීට අමතරව ශ්‍රී ලක්ෂ්මී දෙවඟන යහතින් වැඩ වාසය කරන්නා වූ ඇයගේ වාසභවන වූ බෙලි වෘක්ෂයේ හටගන්නා බෙලි පිළිලයක් බිම පතිත වීමට නොදී ලක්ෂ්මී යෝගයේදී නෙළාගෙන "ඕං ශ්‍රී ක්ලිං මහා ළක්ෂ්මී ඒහි ඒහි සර්ව සෞභාග්‍ය දේහි දේහි මේ ඒස්වාහඃ" යන මන්ත්‍රයෙන් 1008 වාරයක් ජීවම් කර රන් හෝ රිදී සුරයක දමා පැළඳීමෙන් ද කුඩා කරඬුවක තැන්පත් කර නිවසේ හෝ ව්‍යාපාරික ස්ථානයේ තැන්පත් කිරීමෙන් ද සර්වජන ආකර්ෂණය, වෙළඳ ව්‍යාපාර දියුණුවෙන් දියුණුවට පත්වීම, සියලු බාධක ජය ගැනීමේ හැකියාව සමඟ සර්ව ආරක්ෂාව ඔබ වෙත ළඟා වන්නේය. සියලු ජීවම් කටයුතු හා පුද පූජා අවසානයේ ශ්‍රී ලක්ෂ්මී, මහා ලක්ෂ්මී, ධන ලක්ෂ්මී, රූප ලක්ෂ්මී, නෘත්‍ය ලක්ෂ්මී, ප්‍රතාප ලක්ෂ්මී, සූර්ය ලක්ෂ්මී, වීර ලක්ෂ්මී, ප්‍රඥ ලක්ෂ්මී, සර්ව රෝග නිවාරන ලක්ෂ්මී ප්‍රධාන දේවතා මණ්ඩලයට හා නවග්‍රහයන් උදෙසා පුද පූජා පවත්වා පිං අනුමෝදන් කර එතැන් පටන් උදේ හවස ආගමික වතාවත්වලින් අනතුරුව
පහත දැක්වෙන ශ්‍රී ලක්ෂ්මී දැහැනින් පූජෝපහාරයට ලක්කරන්න.
ඕං නමෝ භගවතෝ ඕං ශ්‍රී යුම් මහා ලක්ෂ්මී
එයුම් කිලියුම් සෞවුම් ආකාශ ලක්ෂ්මී
ඕම් දේවි කියුම් භූලෝක ලක්ෂ්මී ශ්‍රී යුම්
ශ්‍රී යුම් සෞවුම් කිලියුම් සර්ව ලක්ෂ්මී මම
වසීමසී ස්වභාව ඕං ශ්‍රී ක්ලිං මහා ලක්ෂ්මී
ඒහි ඒහි සර්ව සෞභාග්‍ය දේහි මම වසං කුරු කුරු ඒස්වාහඃ
දේශමාන්‍ය - දේශබන්දු රංජන් සිසිර කුමාර
සටහන - ධම්මික හේවාවසම්