සමූපකාර හා අභ්‍යන්තර වෙළඳ කටයුතු අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතාගේ උපදෙස් මත රට තුළ අලෙවිය සඳහා පවතින පොල් තෙල්වලින් සාම්පල් ලබාගෙන ඒවා පරීක්ෂාවට ලක් කිරීමේ මෙහෙයුමක් අද (14) දිනයේ දිවයින පුරා සිදුකරන බව පාරිභෝගික කටයුතු අධිකාරිය පවසයි.රටපුරා අලෙවි කරනු ලබන පොල් තෙල්වලින් අඩකටත් වඩා සුපිරිසිදු පොල් තෙල් නොවන බවට පාරිභෝගික කටයුතු අධිකාරියට පැමිණිලි ලැබී ඇති අතර, මේ පිළිබඳව සලකා බැලීම සඳහා පාරිභෝගික අධිකාරිය මෙම පියවර ගෙන ඇත.
ඒ අනුව ඉවතලන හා නරක් වූ පොල් යොදා ගනිමින් සකස් කරන ලද පොල් තෙල්, එළවළු තෙල්, සත්ත්ව තෙල් සහ පාවිච්චියට නුසුදුසු තෙල් වර්ග යොදා ගනිමින් සකස් කරන ලද පොල් තෙල් වෙළෙඳපොළ තුළ බහුලව පවතින බවට තොරතුරු ලැබී ඇත.
ඒ අනුව පාරිභෝගික අධිකාරියේ නිලධාරීන් පිරිසක් මේ සම්බන්ධ මෙහෙයුම් කටයුතු සඳහා අද දිවයින පුරා මෙහෙයුමක යොදවා ඇත. ඔවුන් හරහා ලබා ගන්නා ලද පොල් තෙල් සාම්පල් පොල් සංවර්ධන හා ජනතා වතු සංවර්ධන අමාත්‍යාංශයේ පර්යේෂණ අංශය වෙත යොමු කිරීමෙන් පසු ඒවා පරිභෝජනයට සුදුසු හා නුසුදුසු බව තහවුරු කෙරේ.
ඒ අනුව නුසුදුසු පොල් තෙල් අලෙවිකරනු ලබන ව්‍යාපාරිකයින්ට එරෙහිව තරාතිරම නොබලා නීතිය තදින්ම ක්‍රියාත්මක කරන ලෙස සමූපකාර හා අභ්‍යන්තර වෙළඳ කටයුතු අමාත්‍යවරයා පාරිභෝගික කටයුතු අධිකාරිය වෙත උපදෙස් ලබා දී ඇත.