සිරගෙදරින් සැමියන්ගේ ශුක‍්‍රාණු පන්නා දරුවන් හදන පලස්තීන අම්මලා !

තිස්හතර හැවිරිදි ඊශ‍්‍රායල කාන්තාවක් වන දලාල් අල් සයිබාන් දෙදරු මවකි. ඇය සිය දෙවැනි දරුවා පිළිසිඳ ගත්තේ කෘත‍්‍රිම සංසේචන ක‍්‍රියාවලියක (IVF තාක්ෂණය) ප‍්‍රතිඵලයක් ලෙසට ය. දලාල්ට එවැනි තාක්ෂණයක පිහිට පැතීමට සිදුවූයේ ඇයගේ හෝ ඇගේ සැමියාගේ ප‍්‍රජනන දුර්වලතාවක් නිසා නො වේ.
 ඔවුන්ගේ දෛවය ඔවුන්ට උරුම කර දී තිබුණු ඉරණම නිසා ය. දලාල්ගේ සැමියා ඔවුන්ගේ දෙවැනි දරුවා පිළිසිඳ ගැනීමට වසර 16කට පෙර සිට ම වෙසෙන්නේ ඊශ‍්‍රායල බන්ධනාගාරයක සිරදඬුවම් විඳිමිනි. ජෙරුසෙලමේ මාරාන්තික ත‍්‍රස්ත ප‍්‍රහාරයක් සැලසුම් කිරීම ඇතුළු දරුණු ගණයේ අපරාධ කිහිපයකට ම වරදකරු වී සිටින ඔහු වසර 52ක බරපතළ වැඩ සහිත සිරදඬුවමකට යටත් වී සිටියි. එහෙත් දලාල් අල් සයිබාන්ගේ දෙවැනි දරුවාගේ පීතෘත්වය ද ඔහුගේම ය. අදහා ගැනීමට අපහසු වුවත් සත්‍යය එය ය.


 මේ වන විට ඊශ‍්‍රායල බන්ධනාගාරවල ජීවිතාන්තය දක්වා සිරදඬුවම් නියම වී සිටින සිරකරුවන් බොහෝ දෙනෙකුගේ බිරින්දෑවරු තම සැමියාට දාව දරුවෙකු බිහි කිරීම සඳහා IVF තාක්ෂණයේ පිහිට පතති. ඒ සඳහා සිය සැමියාගේ ශුක‍්‍රාණු බන්ධනාගාරයෙන් පිටතට ගන්නේ කෙලෙස ද යන්න පිළිබඳ තොරතුරු අනාවරණය කිරීමට දලාල් අල් සයිබාන් අකමැතිය. ‘‘මම වගේ ම දරුවකු හදාගන්න ආසා කරන තවත් ගැහැනියකගේ අවස්ථාව අහිමි කරන්න මට වුවමනා නැහැ’’ ඇය කියන්නී ය. ඊශ‍්‍රායල බන්ධනාගාරවල බල පැවැත්වෙන දැඩි නීතිරීතිවලට අනුව ජීවිතාන්තය දක්වා සිරදඬුවම් සඳහා නියම වී සිටින සිරකරුවන් බැහැ දැකීමට පවුලේ උදවියට පවා අවසරයක් නොමැත. එවැනි තත්ත්වයක් යටතේ තම සැමියාට දාව දරුවකු බිහි කිරීම උදෙසා මෙම පලස්තීන ගැහැනු මහත් අවදානමක් දරති. 

මේ සඳහා මෙම කාන්තාවන්ට උපකාර කරන්නේ වෛද්‍ය සලීම් අබු කයිසරාන් ය. ඔහු බටහිර ඉවුරේ නාබුල් ප‍්‍රදේශයේ ප‍්‍රජනන සහ IVF තාක්ෂණය පිළිබඳ සෞඛ්‍ය මධ්‍යස්ථානයේ ප‍්‍රධානියා ලෙස සේවය කරන්නේ ය. ඔහු පවසන ආකාරයට මේ මොහොත වන විට ද ඔහුගේ මධ්‍යස්ථානයේ ඊශ‍්‍රායලයේ සිර මැදිරිවල සිටින පලස්තීන සිරකරුවන්ගේ බවට සැලකෙන ශුක‍්‍රාණු සාම්පල දුසිමකට ද වඩා තිබේ. ‘‘ඔවුන් ඒවා කොහොම ලබා ගන්නවා ද කියලා මම දන්නේ නැහැ. කොහොම වුණත් දිවා ? දෙකේ දී ම එවැනි ශුක‍්‍රාණු සාම්පල රැගෙන සිරකරුවන්ගේ බිරින්දෑවරු මා සොයාගෙන එනවා. සමහර සාම්පල IVF තාක්ෂණය හරහා සංසේචනය කරවීමට තරම් නිරෝගී නැහැ.

 ඒවා ඉවත දමා සංසේචනයට සුදුසු සාම්පල නියමිත තත්ත්ව යටතේ ගබඩා කරනවා. අවශ්‍ය මොහොතක ප‍්‍රයෝජනයට ගන්න’’ වෛද්‍ය සලීම් කියා සිටියේ ය. මෙම ශුක‍්‍රාණු සාම්පල පිළිබඳ අනන්‍යතාව තහවුරු කර ගැනීම තරමක දුෂ්කර කාර්යයක් බැවින් කෘත‍්‍රිම සංසේචන ක‍්‍රියාවලියේ ලේඛන සඳහා අත්සන් තැබීමට අදාළ කාන්තාවගේ පාර්ශ්වයෙන් සහ ඇගේ සැමියාගේ පාර්ශ්වයෙන් ඥාති වන දෙදෙනෙකු සාක්ෂි සඳහා කැඳවන බව ද ඔහු කියා සිටියේ ය. දලාල් අල් සයිබාන් පවසන ආකාරයට ඇගේ සැමියා සිරභාරයට පත්වන විට ඇයට වයස අවුරුදු දහ අටක් වූවා පමණි. සංස්කෘතක බැඳීම් හරහා අතිශය පීඩාවට පත්වන්නට සිදුවන පලස්තීන කාන්තාවන්ට ඇති එක ම සතුට දරුවන් ය.

 ඒ නිසා ම සැමියාට ද්‍රෝහි නො වී දරුවකු බිහි කිරීම සඳහා තමාට මෙම පියවර ගැනීමට සිදු වූ බව දලාල් පවසයි. මේ වනවිට දලාල් මෙන් දරුවන් වැදු පලස්තීන කාන්තාවෝ පහක් පමණ සිටිති. ‘‘මේක දැන් ජාතික ප‍්‍රශ්නයක් බවට පත්වෙලා. ඊශ‍්‍රායල බන්ධනාගාර නිලධාරීන් බන්ධනාගාර රැුඳවියන්ගේ බිරින්දෑවරුන්ට තම සැමියන් බැහැ දැකීමට අවසර ලබාදිය යුතුයි. එය මානුෂීය අවශ්‍යතාවක්. දරුවන් වැදීම ඔවුන්ගේ අයිතිවාසිකමක්. ඒ ගැන ඊශ‍්‍රායල බලධාරීන් කටයුතු කරනතුරු මම මට හැකි උපරිමයෙන් ඊශ‍්‍රායල බන්ධනාගාරවල සිටින පලස්තීන සිරකරුවන්ට සහ ඔවුන්ගේ බිරින්දෑවරුන්ට උපකාර කරනවා’’ වෛද්‍ය අබු කියා සිටියේ ය.
-Lanka C News -

Gossip Lanka Hot News Previous News Archive