ලබන ජිනීවා මානව හිමිකම් සමුළුවේදී ශ්‍රී ලංකා රජයට එරෙහි ඇමරිකානු යෝජනාවලියට සහය ලබාදෙන බව බි්රතාන්ය පවසයි.එරට විදේශ හා පොදු රාජ්‍ය මණ්ඩල කාර්යාලයේ දකුණු ආසියාව භාර අමාත්‍ය ඇලිස්ටෙයා බර්ට් මහතා මේ බව සඳහන් කර ඇත්තේ, ටුවිටර් වෙබ් අඩවිය හරහා 'හිරු' ගුවන් විදුලිය නැගූ ප්‍රශ්නවලට පිළිතුරු ලබාදෙමිනි.
එහිදී මීළඟ මානව හිමිකම් සමුළුවට ඉදිරිපත් කිරීමට නියමිත ඇමරිකානු යෝජනාවට සහය ලබාදෙන බව අමාත්‍යවරයා ප්‍රකාශ කරයි. ශ්‍රී ලංකාව ප්රතිසංවිධාන ක්‍රියාවලියේදී යම් ප්‍රගතියක් ලබා තිබුණත් නිවැරදි ඉලක්ක සපුරා නොතිබීම හේතුවෙන් මෙම තීරණය ගත් බව ඔහු කියා සිටියි.
මීට අමතරව මෙම සංවාදයේදී ශ්‍රී ලංකාවේ පැවැත්වීමට නියමිත පොදු රාජ්‍ය මණ්ඩලීය රාජ්‍ය නායක සමුළුව පිළිබඳව ද අවධානය යොමුවී ඇත. එහිදී අමාත්‍යවරයා සඳහන් කර ඇත්තේ, එම සමුළුවට බි්රතාන්ය සහභාගීත්වය පිළිබඳව මෙතෙක් තීරණයක් ගෙන නොමැති බවයි.