රජයේ නිල මාධ්‍ය වෙබ් අඩවියට දරුණු හැකර් ප්‍රහාරයක්

පැරණි යුද අපරාධ වීඩියෝවක් පෙන්වයි
 පසුගිය කාලයේදි ශ්‍රි ලංකාවේ රාජ්‍ය වෙබ් අඩවි කිහිපයකටම සයිබර් ප්‍රහාර රැසක්ම එල්ල විය.අද දිනයේදි එවැනි දරුණු ප්‍රහාරයක් ශ්‍රී ලංකා රජයේ නිල මාධ්‍ය මධ්‍යස්ථානයේ වෙබ් අඩවියට එල්ල වි ඇත. http://www.media.gov.lk/ නම් නිල රාජ්‍ය මාධ්‍ය අඩවිය අත්පත් කරගෙන ඇති හැකර් ප්‍රහාරකයින් විසින් එහි ශ්‍රී ලංකාවේ යුද අපරාධ සම්බන්ධයෙන් ඕස්ට්‍රේලියානු රූපවාහිනී මාධ්‍යයේ මීට පෙර ප්‍රචාරය වූ වීඩියෝ පටයක් ප්‍රදර්ශනය කෙරේ.

 “සිවිල් දෙමළ ජනයා ඝාතනය නවත්වන්නේ නැතිනම් අපගේ ප්‍රහාරයන්ට මුහුණ දීමට සූදානම් වන්න” යි එහි සඳහන් කර ඇත. නමුත් මෙම හැකර් ප්‍රහාරය එල්ල කර ඇත්තේ පකිස්ථානයේ හැකර් වරුන් බවට සනාථ වි ඇත.
ඔවුන්ව නම් කර ඇත්තේ මෙසේය We Are : H4x0r HuSsY | 1337 | H4x0rL1f3 | Invectus | KhantastiC HaXoR | Shadow008. ශ්‍රී ලංකා රජයේ වෙබ් අඩවි පසුගිය කාලයේ නිරන්තරයෙන් හැකර් ප්‍රහාරයන්ට ලක් වූ නමුත් ඒවායේ වීඩියෝ පට දර්ශනය කිරීම් සිදු වූයේ නැත.

Gossip Lanka Hot News Previous News Archive