උදරාබාධයක් බැව් පවසා මහියංගණ රෝහලට ඇතුළත් වූ පදියතලාව ප්‍රදේශයේ 16 හැවිරිදි දැරියක හත්මසක ගැබිනියක බව වෛද්‍ය පරීක්ෂණවලදී හෙළි වී තිබේ.
ඒ පිළිබඳ පැවැති පොලිස් පරීක්ෂණයේදී හෙළි වී ඇත්තේ දැනට මාස 7කට පමණ පෙර එම ප්‍රදේශයේම ගොපලු තරුණයකු ඇය අතරමඟදී ඩැහැගෙන කැලෑවක ගල්තලාවක් මතට ගෙන ගොස් දූෂණය කර ඇති බවයි.
එම ගොපලු තරුණයා ප්‍රදේශයෙන් පලාගොස් ඇති අතර ඔහු අත්අඩංගුවට ගැනීම සඳහා පොලිස් කණ්ඩායමක් යොදවා තිබේ.සිද්ධියට මැදි වූ දැරිය හත්මසක ගැබිනියක්ව සිටි බව මව නොදැන සිටීම ගැටලුවක් බවද පොලිසිය පවසයි.