මොරොක්කෝවේ එළුවෝ බෑ නොකියා ගස් නගිති

මොරොක්කෝවේ එළුවන් ගස් නගින පුවතක් වාර්තා වී තිබේ. සාමාන්‍යයෙන් සිසිල සෞම්‍ය දේශගුණයක් ඇති මොරොක්කෝවේ මේ දිනවල පවතින කර්කෂක දේශගුණය හේතු කොට ගෙන ශාක වර්ගවල වැඩීම වඳවී ඇත. ගස්වල අතු අග ඇති දලු කොළ කා දැමීමට වෙහෙසෙන මේ සිවුපා සතුන් බලවත් උත්සාහයෙන් ගස් මුදුනට ගොඩවීමට දැන් පුරුදු වී සිටිති. මොරොක්කෝවට මායිම්ව පිහිටි ඊශ්‍රායලය සිරියාව හා අනිකුත් මැද පෙරදිග රටවල ද එළුවන් ගස් නගිනු දැකිය හැකි දසුනකි.

 රාත්‍රි කාලයේදී වෘකයන්ගේ තර්ජනයෙන් හා දේශගුණික විපත්වලින් ඇති විය හැකි අවදානම හේතුවෙන් ද එළුවන් ගස් මත නැග සිටිනු දැකිය හැකිය.
ප්‍රධාන වශයෙන් මෙම ප්‍රදේශවල ඔලිව් ගස් බහුල වන අතර මේවායේ උපරිම උස අඩි 20ක් පමණ වේ. අධි සුළං ප්‍රවාහයක් විසින් මේ ගස් ස්වභාවයෙන් මිටි පඳුරු බවට පත් කර තිබේ.









Gossip Lanka Hot News Previous News Archive