පරාක්‍රම සමුද්‍රයේ සීත මාලිගයේ සිතුවම් ඇඳි සිත්තරා !

පොළොන්නරුව පරාක්‍රම සමුද්‍රය මධ්‍යයේ පිහිටි පෞරාණික වටිනාකමකින් යුත් සීත මාළිගයේ පුද්ගලයෙකු විසින් සිතුවම් නිර්මාණය කොට තිබේ. පසුගිය නියඟය පැවති දිනවලදී මේ සීත මාලිගය වෙත ගොස් සිටි මේ සැකකරු මාලිගයේ බිත්ති මත නොයෙකුත් වර්ණ යොදා ගනිමින් සිතුවම් ගණනාවක් ම නිර්මාණය කොට තිබුණි. 
පොලිසියට ලැබුණු පැමිණිල්ලක් මත මේ 67 හැවිරිදි ‍චිත්‍ර ශිල්පියා අත්අඩංගුවට ගනු ලැබුවේ බැදිවැව ප්‍රදේශයේ දීය. විහාරස්ථානවල බිතුසිතුවම් හා චිත්‍ර නිර්මාණය කරමින් සිටින මේ සැකකරු එදින මත්පැන් පානය කොට සීත මාලිගයට ගොස් සිතුවම් ඇඳීම සිදු කළ බව පොලිසියට ප්‍රකාශ කොට තිබේ. පොළොන්නරුව ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී සරත් කුමාර ජෝසප් මහතාගේ උපදෙස් පරිදි පුරාවිද්‍යා ආරක්ෂණ ඒකකයේ ස්ථානාධිපති පො.සැ. දිලිප් කුමාර, හේවගේ, වසන්ත සහ අබේවංස මහත්වරු මේ වැටලීම සිදු කළහ. සිද්ධිය සම්බන්ධ සැකකරු පොළොන්නරුව මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත ය.

 මේ එලෙස සීත මාළිගයේ ඇඳි සිතුවම් කිහිපයකි.


Gossip Lanka Hot News Previous News Archive