රනිල්ට ඇති ජනමතයක් නෑ,තියෙන්නේ තම මතයක් විතරයි

 ඒක අපි ඉස්සරහට ඔප්පු කරනවා - Palitha Range Bandara
විපක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතාට ජනමතය නොමැති බවත් ඇත්තේ තම මතයක් පමණක් බව ඔප්පු කිරීම සදහා ඉදිරියේදී පැවැත්වෙන සෑම මැතිවරණයකදීම එක්සත් ජාතික පක්ෂ විකල්ප කණ්ඩායමක් තරගයට ඉදිරිපත් කරණ බව පාර්ලිමේන්තු මන්ත්‍රී පාලිත රංගේ බණ්ඩාර මහතා පැවසීය. 

හලාවත - බංගදෙණිය, මුක්කන්දළුව ගම්මානයේ පැවති ජන හමුවක් අමතමින් පාර්ලිමේන්තු මන්ත්‍රීවරයා ඒ බව පැවසීය. දැදුරුඔය පිටාර ගැලීම නිසා පීඩාවට පත්වී සිටි ජනතාවට ඇදුම් බෙදා දීම වෙනුවෙන් මෙම ජනහමුව සංවිධානය කර තිබුණි. තවදුරටත් කථා කළ පාර්ලිමේන්තු මන්ත්‍රී පාලිත රංගේ බණ්ඩාර මහතා මෙසේද පැවසීය. වසර 13 ක් දැන් අපි මැතිවරණ වලට ඉදිරිපත් වෙලා තියනවා.

 නමුත් දිනන තැනක් පේන්වත් නෑ.දිනෙන් දින එක්සත් ජාතික පක්ෂය වල පල්ලට යමින් පවතින්නේ.මේ නිසා ජනතාව වෙනුවෙන් යමක් කරන්න අපි තීරණය කළා.ඒ අනුව ඉදිරියේදී පැවැත්වීමට නියමිත වයඹ සහ මධ්‍යම පලාත් සභා මැතිවරණයේ සිට සියළුම මැතිවරණ වලට රනිල් විරෝධී එක්සත් ජාතික පක්ෂ කණ්ඩායමක් ඉදිරිපත් කරන්න සුදානම් කරලයි තියෙන්නේ.මේ තුළින් අපි බලාපොරොත්තු වන්නේ රනිල් වික්‍රමසිංහ මහතාට ඇත්තේ ජනමතයක් නොව තම මතයක් බව ඔප්පු කිරීමටයි.
මේ සදහා දේශපාලන පක්ෂ 03 ක් සහ වෘත්තීය සමිති තුනක්ද සහාය දෙන්න මේ වන විට තීරණය කර ඇති බවද මන්ත්‍රීවරයා මෙහිදී කියා සිටියේය.

Gossip Lanka Hot News Previous News Archive