එක්සත් ජාතික පක්ෂයට නියෝජ්‍ය නායකවරු සිව්දෙනෙකු පත්කිරීම තාවකාලිකව කල්දැමීමට පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා තීරණය කර තිබෙනවා.දේශපාලන ආරංචි මාර්ග කියා සිටියේ පක්ෂ ජ්‍යෙෂ්ඨයන් සමග ඊයේ රාත්‍රියේ පැවැත් වූ විශේෂ සාකච්ඡාවකින් අනතුරුව වික්‍රමසිංහ මහතා මෙම තීරණය ගෙන ඇති බවයි.පක්ෂයට නියෝජ්‍ය නායකවරුන් සිව්දෙනෙකු පත්කිරීම අද දිනයේදී සිදුකිරීමටයි නියමිතව තිබුණේ.ඒ සඳහා සජිත් පේ‍්‍රමදාස, කබීර් හෂීම්, ලක්ෂ්මන් කිරිඇල්ල සහ රවී කරුණානායක යන මහත්වරුන්ගේ නම් යෝජනා වී තිබුණා. කෙසේ වෙතත් ඒ සඳහා විධිමත් ක්‍රමවේදයක් සකස් කිරීමෙන් පසු නියෝජ්‍ය නායකවරු පත් කිරීමටයි රනිල් වික්‍රමසිංහ මහතා තීරණය කර තිබෙන්නේ.
කෙසේ වෙතත් රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් පක්ෂ කෘත්‍යාධිකාරී මණ්ඩලය අද පස්වරුවේ සිරිකොත පක්ෂ මූලස්ථානයේදී රැස්වනවා. ඉදිරි පළාත් සභා මැතිවරණ පිළිබඳ මෙහිදී දීර්ඝ ලෙස සාකච්ඡා කිරීමට නියමිත බවයි වාර්තා වන්නේ.
දැනට විදේශගතව සිටින පක්ෂ මහලේකම් තිස්ස අත්තනායක මහතා දිවයිනට පැමිණීමෙන් පසු නියෝජ්‍ය නායක ධුර 4 පත්කිරීම පිළිබඳ දීර්ඝ ලෙස සාකච්ඡා කර අවසන් තීරණයක් ගනු ඇති. මීළඟ කෘත්‍යාධිකාරී මණ්ඩල රැස්වීමේදී ඒ සම්බන්ධයෙන් අවසන් තීරණයක් ගනු ඇතැයි ද දේශපාලන ආරංචි මාර්ග කියා සිටියා.