ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ අවසන් වසරේ ශිෂ්‍යයකු අභිරහස් ලෙස පානදුර දුම්රිය පාලම යට මියගොස් සිටියදී ඊයේ (06 වැනිදා) දහවල් පානදුර පොලිසියට මළ සිරුර හමුවී ඇත.මියගිය ශිෂ්‍යයා, නො 42/2, අක්කර 80, කහවත්ත ලිපිනයේ පදිංචි ලලිත් ගුණරත්න නමැති විසිහය හැවිරිදි අයෙකු බව පොලිසිය පවසයි.
පවුලේ එකම දරුවා වන මෙම ශිෂ්‍යයා මහරගම ප්‍රදේශයේ කුලී නිවසක සිට විශ්වවිද්‍යාලයට ගොස් ඇති අතර ඔහුගේ අධ්‍යාපන කටයුතුවලට අමතරව නිවෙස්වලට ගොස් පෞද්ගලික උපකාර පන්ති පවත්වා ඇති බවටද පොලීසියට තොරතුරු ලැබී ඇත.ශිෂ්‍යයාගේ කලිසම් සාක්කුවේ තිබී මහරගම ඇඟලුම් ආයතනයක මැෂින් ඔපරේටර්වරයකු වශයෙන් සේවය කරන බවට සඳහන් හැඳුනුම්පතක් පොලිසියට හමුවී ඇත.
පානදුර මූලස්ථාන ප්‍රධාන පොලිස් පරීක්ෂක මහේෂ් පෙරේරා මහතාගේ උපදෙස් මත උප පොලිස් පරීක්ෂක ජයන්ත අධිකාරම් සැරයන් (56336) රංජිත්, කොස්තාපල් (41126) ජයන්ත යන නිලධාරීන් විසින් පශ්චාත් මරණ පරීක්ෂණය සඳහා මළ සිරුර පානදුර රෝහල වෙත යවා පරීක්ෂණ ආරම්භ කර තිබිණි.
The body found floating at the river mouth at Walana in Panadura has been identified as that of a student of Sri Jayawardenepura University.The 26 year old deceased had an identity card issued by the Sri Jayawardenepura University in his shirt pocket.