අනුරාධපුර අධිකරණ සංකීර්ණය ඉදිරිපිට කඩ 12 ප්‍රදේශයේ වෛද්‍ය රසායනාගාරයක මුවාවෙන් පවත්වාගෙන ගිය නීති විරෝධී ගබ්සා මධ්‍යස්ථානයක් පෙරේදා (26 දා) සවස වැටලූ අනුරාධපුර පොලිසියේ විශේෂ අපරාධ විමර්ශන ඒකකයේ නිලධාරීන්, එය පවත්වාගෙන ගිය ශ්‍රී ලංකා යුද හමුදාවේ සේවය කොට විශ්‍රාම ගිය වෛද්‍ය රසායනාගාර තාක්ෂණ ශිල්පි සැරයන්වරයකු අත්අඩංගුවට ගෙන ඇත. පොලිස් උපාය දූතයෙකු යොදවා සිදු කළ මෙම වැටලීමේදී එම නීති විරෝධී ගබ්සා මධ්‍යස්ථානයේ තිබූ උපකරණ රැසක්ද පොලිසිය භාරයට ගෙන තිබේ.
එම නීති විරෝධී ගබ්සා මධ්‍යස්ථානය සම්බන්ධයෙන් උතුරුමැද පළාත් නියෝජ්‍ය පොලිස්පති රංජිත් පද්මසිරි මහතාට ලද තොරතුරකට අනුව ඒ මහතාගේ උපදෙස් මත අනුරාධපුර පොලිසියේ විශේෂ අපරාධ විමර්ශන ඒකකයේ පොලිස් පරීක්ෂක ඩී. එම්. ඩී. සී. දිසානායක මහතා ඇතුළු නිලධාරී කණ්ඩායමක් විසින් අනුරාධපුර මහෙස්ත්‍රාත් අධිකරණයෙන් ලබාගත් සෝදිසි වරෙන්තුවක් මත එය වටලා තිබේ.
මේ සඳහා අනුරාධපුර පොලිසියේ බුද්ධි අංශවල සහායද ලැබී ඇත.
ගබ්සා මධ්‍යස්ථානය පවත්වාගෙන ගිය අනුරාධපුර, අභයපුර, මධ්‍යම පන්තික නිවාස සංකීර්ණයේ පදිංචි විශ්‍රාමික සැරයන්වරයා ඊයේ (27 දා) අනුරාධපුර මහෙස්ත්‍රාත් අධිකරණය හමුවට ඉදිරිපත් කිරීමට නියමිතව තිබිණි.
මේ පිළිබඳව උතුරුමැද පළාත භාර නියෝජ්‍ය පොලිස්පති රංජිත් පද්මසිරි, අනුරාධපුර පොලිස් අධිකාරි මහේෂ් සේනාරත්න හා අනුරාධපුර සහකාර පොලිස් අධිකාරි සේනාරත්න යන මහත්වරුන්ගේ අධීක්ෂණය යටතේ අනුරාධපුර මූලස්ථාන පොලිස් පරීක්ෂක තිස්ස විතානගේ මහතාගේ මෙහෙයවීමෙන් විශේෂ අපරාධ විමර්ශන ඒකකයේ පොලිස් පරීක්ෂක ඩී. එම්. ඩී. සී. දිසානායක මහතා ඇතුළු නිලධාරීහු වැඩිදුර පරීක්ෂණ පවත්වති.