කාන්තාවන් ගණිකා වෘත්තිය සඳහා මුදලට අලෙවි කිරීමේ මධ්‍යස්ථානයක් වටලා එහි කළමනාකරු හා ගණිකා වෘත්තියේ යෙදුණු කාන්තාවන් සිවුදෙනකු අනුරාධපුර මූලස්ථාන පොලිසියේ දූෂණ මර්දන අංශයේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගනු ලැබ ඇත. මේ මධ්‍යස්ථානය අනුරාධපුර මාර්කට් පෙදෙසේ බී 08 මාර්ගයේ පිහිටා ඇත.පොලිස් උපාය දූතයකු, රුපියල් 3000ක මුදලකට කාන්තාවක් අලෙවිකරද්දී කළමනාකරු ඇතුළු කාන්තාවන් පිරිස පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.
අත්අඩංගුවට ගත් කළමනාකාරවරයා ළඟ තිබී විවිධ ප්‍රදේශවල පදිංචි පුද්ගලයන්ගේ හැඳුනුම්පත් 14ක් හා උපත් පාලන කොපු 331ක් ද පොලිසිය අත්අඩංගුවට ගෙන ඇත. හැඳුනුම්පත් සම්බන්ධයෙන් කළමනාකාරවරයාගෙන් දීර්ඝ ලෙස ප්‍රශ්න කළත් ඒ සම්බන්ධව හරිහැටි තොරතුරක් ලබා ගැනීමට හැකි වී නැති අතර පොලිසිය සැක කරන්නේ වෛශ්‍යාවන් මිල දී ගැනීමට පැමිණි පුද්ගලයන් මේ හැඳුනුම්පත් මෙම ස්ථානයේ දමා යන්නට ඇති බවයි.
සැකකාර කළමනාකාරවරයා අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව ඇප මත මුදා හැරුණු අතර කාන්තාවන් සිවුදෙනා මේ මස 18 වන දින දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට අනුරාධපුර වැඩබලන මහේස්ත්‍රාත් අමරසිරි හෙට්ටිගේ මහතා නියෝග කළේ ය. සැකකාරියන් අනුරාධපුර ශික්ෂණ රෝහල වෙත යොමුකර සමාජ රෝග වාර්තා කැඳවන ලෙසද මහේස්ත්‍රාත්වරයා පොලිසියට නියෝග කළේ ය.