දියණිය දූෂණය කළ පියාට දස වසරක සිර දඬුවමක්

තම පස් හැවිරිදි දියණිය දූෂණය කළ තිදරු පියාට වසර 10ක බරපතළ සිර දඬුවමක් හා රුපියල් 10,000/=ක දඩ මුදලක් ගෙවීමට කෑගල්ල පළාත්බද මහාධිකරණයේ විනිසුරු මේනකා විජේසුන්දර විනිසුරුතුමිය නියෝග කළාය.
මෙසේ දඬුවමට යටත් කරනු ලැබුවේ රුවන්වැල්ල පොලිස් වසමේ අටුලුගම්කන්ද දෙහිඕවිට ලිපිනයේ පදිංචි වෑතරලාගේ ප්‍රේමදාස හෙවත් ඇන්ටන් නමැත්තකුටය.
රුවන්වැල්ල පොලිස් වසමේ අටුලුගම්කන්ද ප්‍රදේශයේදී සිදුකර ඇති මෙම අපරාධයට අදාළ සැකකරු අත්අඩංගුවට ගැනීම හා වැඩිදුර පරීක්‍ෂණ එවකට රුවන්වැල්ල පොලිස් ස්ථානාධිපති පො. ප. රොහාන් ප්‍රේමරත්න හා උ. පො. ප. සිරිපාල, කාන්තා පොලිස් කොස්තාපල් ලලිතා යන නිලධාරීන් විසින් සිදුකර තිබූ අතර, මූලික නඩු විභාගය රුවන්වැල්ල මහෙස්ත්‍රාත් අධිකරණයේදී සිදුකර තිබිණි.


ඉන්පසු නීතිපතිවරයා විසින් කෑගල්ල පළාත්බද මහාධිකරණයට ගොනුකර තිබූ මෙම නඩුව මහාධිකරණ විනිසුරු මේනකා විජේසුන්දර විනිසුරුවරිය ඉදිරියේදී පසුගියදා (6දා) විභාගයට ගැනුණි.
පැමිණිල්ල වෙනුවෙන් පෙනී සිටි රජයේ අධි නීතිඥ ෂෙහාන් ද සිල්වා මහතාගේ උපදෙස් පරිදි අගතියට පත් දැරියගේ මව වන ඉහත ලිපිනයේම පදිංචි ඉන්ද්‍රානි සෝමලතා ඇසින් දටු සාක්‍ෂිය මහාධිකරණ විනිසුරුතුමිය ඉදිරියේ පැවැසුවාය.

ඇය වැඩිදුරටත් මෙසේද පැවැසුවාය. මම පාසල් ගිහින් නෑ. අකුරු ලියන්න කියන්න දන්නෙ නෑ. මීට වසර 10කට පමණ පෙර ඩබ්ලිව්. ප්‍රේමදාස නම් වූ විත්තිකරු සමඟ විවාහ වුණා. ඔහු අද මේ උසාවියේ විත්ති කූඩුවේ සිටිනවා. අපට දරුවන් තිදෙනෙක් සිටිනවා. ලොකු දුව මගේ ඥාතියකුගේ නිවෙසක සිට පාසල් යනවා. බාල දුවත් පුතාත් නිවුන් දරුවන්. සිද්ධිය වූ දිනයේ අසල්වාසී නිවෙසක මළ ගෙදරක් තිබුණා. රාත්‍රි 7.30ට පමණ සැමියා මත්පැන් බීමට ගොස් සිටියා. ඔහු දිනපතා මත්පැන් බොනවා. පුතා මළ ගෙදරට ගිහින් සිටියා. මම පොඩි දුව ගෙදර නිදි කරවලා පුතා එක්ක එන්න මළ ගෙදරට ගියා. ටික වෙලාවක් සිට ආපසු ගෙදරට ආවිට මෙම සිද්ධිය දැක්කා. මම ඔහුට පහර දුන්නා. ඔහු මටත් බැන වදිමින් පහර දුන්නා. අහල පහළ පිරිස් ගෙදරට ආ විට ඔහු ගෙදරින් පැන දිව්වා යැයිද පැවැසීය.
දූෂණයට ලක්වූ දැරිය පිළිබඳ වෛද්‍ය වාර්තාව අවිස්සාවේල්ල මහ රෝහලේ එවකට අධිකරණ වෛද්‍ය විශේෂඥවරයා වූ අජිත් තෙන්නකෝන් මහතා විසින් ඉදිරිපත් කර තිබිණි.

Gossip Lanka Hot News Previous News Archive