දෙපා අහමි දකුණු අප්‍රිකානු පැරාලිම්පික් රන් පදක්කම්ලාභි ඔස්කා පිස්ටෝරියස් සිය පෙම්වතියට වෙඩි තබා ඝාතනය කළ බවට චෝදනා එල්ල වී තිබේ.අළුයම නිවසට කිසිවකු ඇතුළුවනු ඇසුනු බවත් ඒ හොරෙක් යැයි සිතා තම ආරක්ෂාවට වෙඩි තැබු බවත් වෙඩි තැබීමෙන් පසුව ඒ තම පෙම්වතිය බව හැදිනගත් බවත් ඔස්කාර් පොලිසිය වෙත සදහන් කර තිබේ.
පසුව කරන ලද පරීක්ෂන වලදී හෙලිව ඇත්තේ රීවා ස්ටීන්කම්ප් නම් වන මෙම 30 හැවිරිදි තරුණිය පෙම්වතුන්ගේ දිනයේ තම පෙම්වතා පුදුම කිරිම සදහා කලින් නොදන්වා අළුයම 3ට පමණ ඔහුගේ නිවසට පැමිණ ඇති බවයි.එම අවස්ථාවේ නිවසේ ආරක්ෂිත කැමරා ක්‍රියාතමක නොවුන බවත් තම ආරක්ෂාව වෙනුවෙන් තමන් සිය මිලිමීටර්9 වර්ගයේ පිස්තෝලයෙන් වෙඩි පහර කිහිපයක් එල්ල කල බවත් පිස්ටෝරියස් සදහන් කර තිබේ.
මේ වන විට 26 හැවිරිදි පිස්ටෝරියස් අත්අඩංගුවට ගෙන ඇති අතර නීතිය හමුවට ඉදිරිපත් කිරිමට නියමිතව තිබේ. මෙලෙස අවාසනාවන්ත ලෙස ඝාතනය වීමට පැය කිහිපයකට පෙර රීවා විසින් ට්ව්ටර් ඔස්සේ පෙම්වතුන්ගේ දිනයට ලබාදෙන තෑග්ග කුමක් දැයි ඔස්කාර්ගෙන් විමසා තිබේ.
මෙම ඝාතනයත් සමග ඔස්කාර් පිස්ටෝරියස් බලවත් ලෙස කම්පනයට පත්ව සිටින බවත් මේ වන විට ඔහු දකුණු අප්‍රිකානු පොලිසිය භාරයේ වැඩිදුර ප්‍රශ්න කිරීම් වලට මුහුණ දෙන බවත් විදෙස් වාර්තා සදහන් කරයි.
26 හැවිරිදි ඔස්කාර් 2008 පැවති පැරාලිම්පික් උළෙලේදී මීටර් 100 ධාවන ඉසව්වේන් රන් පදක්කම දිනු අතර 2012 ලන්ඩන් ඔලිම්පික් තරගයේ මීටර් 200 න් රිදි පදක්කම දිනාගන්නා ලදී.තවද ඊට පෙර 2004 ඇතැන්ස් ඔලිම්පික් උළෙලේදී ලෝකඩ පදක්කම දිනාගැනීමටද ඔස්කාර් සමත්ව තිබේ.