පොලිස් වෙස් අරගෙන මහ දවල් කෝටියක් කොල්ලකති

රථවාහන පොලිස් නිලධරයකු ලෙස වෙස්වලාගත් කොල්ලකරුවකුගේ අණදීමට අනුව මෝටර් රථයක් නවතා ඊයේ (12) දහවල් දෙනෝදාහක් බලා සිටියදීම කොළඹ කොම්පඤ්ඤවීදියේ දී රුපියල් කෝටියක මුදලක් කොල්ලකා කොල්ල කල්ලිය සුඛෝපභෝගී ඩිෆෙන්ඩර් රථයකින් පලාගොස් තිබේ.

කොල්ලුපිටිය විදේශ මුදල් මාරුකරන ස්ථානයකින් රැගෙන ආ විදෙස් මුදල් කොළඹ කොම්පඤ්ඤවීදියේ පෞද්ගලික බැංකුවකින් ශ්‍රී ලංකා රුපියල් බවට මාරුකර මෝටර් රථයකින් ආපසු රැගෙන යාමේදී මෙම කොල්ලය සිදුවී ඇති බව පොලිසිය පවසයි.රථවාහන පොලිස් නිලධාරියකු ලෙස වෙස්ගත් පුද්ගලයා කොම්පඤ්ඤවීදියේ දී මුදල් රැගෙන ආ මෝටර් රථය නවතා තිබේ. පසුව පිටුපසින් පැමිණි ඩිෆෙන්ඩර් රථයක, මෝටර් රථයේ සිටි පිරිසද බලහත්කාරයෙන් නංවාගෙන පිටකෝට්ටේ ප්‍රදේශයට පැමිණ එම පිරිස පළවාහැර ගමන් කර තිබේ. අනතුරුව මෝටර් රථය දෙමටගොඩ ප්‍රදේශයේ අතහැර පලාගොස් ඇත.


ඉතාමත් සැලසුම්සහගතව ඔත්තු බලා මෙම කොල්ලය සිදුකර ඇති බව පෙනෙන බවත් පොලිසිය කියයි. මෑතකදී කොළඹ නගරයේ දී සිදුවූ විශාලතම මුදල් මංකොල්ලය මෙය බවත් අනාවරණය වේ. සී.සී.ටී.වී. කැමරාවල සටහන් දර්ශනද පරීක්ෂණ අංශවල අවධානය යොමුකර පරීක්ෂණ පැවැත්වේ.

සිද්ධිය සම්බන්ධයෙන් කොළඹ අපරාධ කොට්ඨාසය පුළුල් පරීක්ෂණ පවත්වයි.

Gossip Lanka Hot News Previous News Archive