වී වගා කළ නොහැකි කුඹුරු ඉඩම්වල වෙනත් කෙටි කාලීන බෝග වගා කිරීමේ ව්‍යාපෘතියක් ක්‍රියාත්මක කිරීමට ගොවිජනසේවා දෙපාර්තමේන්තුව පියවර ගෙන ඇතැයි පවසමින් කුඹුරුවල එළවළු වර්ග, මල් වර්ග, ඉඟුරු, කහ, පලාවර්ග, වැනි කෙටි කාලීන බෝග වගා කිරීමටත් ඊට අමතරව කුඹුරුවල මිරිදිය සහ විසිතුරු මත්ස්‍ය කර්මාන්තය සිදුකිරිමට අවසර ලබාදී තිබේ.
එහිදී අවශ්‍ය ප්‍රමාණයට කුඹුරු හාරා ගැඹුරු කිරීමටද එහිදී අවසර ගබාදී ඇත.
ආහාර සුරක්ෂිතතාවය ඇති කිරීම, වරින්වර වෙළදපොළෙහි ඇති වන එළවළු මිල උච්චාවචන තත්ත්ව වැළැක්වීම සහ පුරන් කුඹුරු ගොඩකිරීමට මිනිසුන් දක්වන නැඹුරුව අඩු කිරිම වැනි ගැටලුවලට විසඳුමක් ලෙස මෙම ව්‍යාපෘතිය කි‍්‍රියාවට නැංවීමට අපේක්ෂා කළ බවත් කෘෂිකර්ම අමාත්‍යංශ නිලධාරීහු පවසති.