ශී‍්‍ර ලංකාව දෙවන ඛනිජතෙල් බලපත‍්‍ර වටය නිවේදනය කරයි

ඛනිජතෙල් සම්පත් සංවර්ධන ලේකම් කාර්යාලය 2013 මාර්තු මාසයේ දී දෙවන බලපත‍්‍ර වටයක් ක‍්‍රියාත්මක කිරීම සඳහා වන සැලසුම් නිවේදනය කර ඇත. ජනාධිපති ලේකම් කාර්යාලය යටතේ පිහිටා ඇති ඛනිජතෙල් සම්පත් සංවර්ධන ලේකම් කාර්යාලය ශී‍්‍ර ලංකාවේ සියලු ම ඛනිජතෙල් ගවේෂණ හා නිෂ්පාදන කටයුතු නියාමනය හා කළමනාකරණය සම්බන්ධයෙන් වග කියනු ලබන දෙපාර්තමේන්තුව වේ. 

පිළිවෙළින් ශී‍්‍ර ලංකාවේ උතුරු හා බස්නාහිර දෙසට වන්නට පිහිටි ශී‍්‍ර ලංකාවේ කොටසට අයත් කාවේරි හා මන්නාරම් ද්‍රෝණිවල බිම් කොටස් දහතුනක් නිශ්චය කොට ඇත. එසේම ශී‍්‍ර ලංකාවේ නැගෙනහිර සහ දකුණු දෙසට වන්නට පිහිටා ඇති මෙතෙක් ගවේෂණය කොට නොමැති ප‍්‍රධාන වශයෙන් ගැඹුරු මුහුදේ පිහිටි තවත් ඒකාබද්ධ ගවේෂණ බිම් කොටස් හයක් ද හඳුනාගෙන ඇත. දෙවන බලපත‍්‍ර වටයේ දී ඉදිරිපත් කිරීමට ඇති බිම් කොටස් කාවෙරි හා මන්නාරම් ද්‍රෝණිවල පිහිටා ඇති අතර ඒ පිළිබඳව තව නොබෝ කලකින් නිවේදනය කෙරේ. 


2011 වසරේ දී කෙයාර්න් (CLPL) ලංකා පෞද්ගලික සමාගම විසින් සිදු කරනු ලැබූ සොයා ගැනීම්වලට අනුව සුවිශේෂී වාණිජ වටිනාකමකින් යුත් සොයා ගැනීම් දෙකක් මන්නාරම් ද්‍රෝණියේ හඳුනාගෙන තිබේ. කෙයාර්න් ලංකා ආයතනය විසින් හාරන ලද පළමු CLPL ඩොරාඩෝ 91H/1Z ළිඳෙහි මෙසෝසොයික යුගයේ අවසාන සමයට අයත් යැ යි සැලකෙන වැලිගල් තුළ ඝන තත්ත්වයේ වායු නිධි හමු වී ඇත. 2007 වසරේ පළමු බලපත‍්‍ර වටයේ දී කෙයාර්න් ලංකා ආයතනය වෙත ලබා දුන් SL 2007-01-001 ඒකකයෙහි බස්නාහිර කොටසෙහි පිහිටා ඇති CLPL බැර කුඩා AG/1 නැමති දෙවන ළිඳෙහි වෙනම ම වායු නිධියක් හමු වී තිබේ. 
 
ඩොරාඩෝ සොයා ගැනීමේ උතුරු දෙසට වන්නට හාරන ලද කෙයාර්න් ලංකා හී තෙවන ළිඳ වියලි ළිඳ කි. එම ඒකකයෙහි දෙවන කැනීම් කාල සීමාවක් සඳහා කෙයාර්න් ලංකා සමාගම සිය කැමැත්ත පළ කොට ඇති අතර ඒ අනුව ඔවුන්ගේ සිව්වන ළිඳෙහි CLPL වලාගෝ 50-FH REQ 1 හෑරීම් කටයුතු මේ වන විට සිදුවෙමින් පවතී. ජුරාසික් යුගයේ අවසන් අවධියේ සිට මෙසෝසොයික අවධියේ අවසන් සුවිභේද අවධිය දක්වා කාලය තුළ තැන්පත්ව ඇති ඉතා විශාල ජාත්‍යන්තර තත්ත්වයේ ව්‍යුහාත්මක හා ස්ථිර විද්‍යාත්මක හව්‍යතාවයක් මන්නාරම් ද්‍රෝණියේ ඇති බවට භූ කම්පන දත්ත හෙළිදරව් කරයි. 2013 මාර්තු 07 වන දින දියත් කිරීමට නියමිත දෙවන බලපත‍්‍ර වටය හූස්ටන්, ලන්ඩන් හා සිංගප්පූරුව යන ස්ථානවලදී මාර්ග සංදර්ශන හා දත්ත මැදිරි සමගින් ඇරඹේ.

 මෙම මාර්ග සංදර්ශන පැවැත්වෙන සෑම ස්ථානයක දී ම ඛනිජ සම්පත් සංවර්ධන ලේකම් කාර්යාලයේ නිලධාරීන් විසින් ඉහත සඳහන් නම් කරන ලද බිම් කොටස් පිළිබඳව තාක්ෂණික විග‍්‍රහයන් ඉදිරිපත් කරනු ලබන අතර නිෂ්පාදන බෙදාගැනීමේ කොන්ත‍්‍රාත් සාකච්ඡා කොට ප‍්‍රදානය කරනු ලබන නෛතික හා මුල්‍ය ව්‍යුහයන් ද සාකච්ඡාවට බඳුන් කරනු ඇත.

 කෙයාර්න් ලංකා ආයතනය විසින් රට තුළ සිය අභ්‍යන්තර අත්දැකීම් පිළිබඳව ඉදිරිපත් කිරීම් සිදුකිරීමට නියමිත අතර ඒ තුළ බලපත‍්‍ර වටය හා මිල ගණන් ඉදිරිපත් කිරීම්වලින් අනතුරුව මේ සම්බන්ධයෙන් උනන්දුවක් දක්වන තෙල් සමාගම්වලට ඛනිජ තෙල් ලේකම් කාර්යාලයේ අධ්‍යක්ෂ ජනරාල්වරයා හා අනෙකුත් ජ්‍යේෂ්ඨ නිලධාරින් සමෙග පෞද්ගලික සාකච්ඡාවලට එළඹිය හැකිය. ඛනිජ තෙල් ලේකම් කාර්යාලය වෙනුවෙන් මෙම බලපත‍්‍ර වටය කළමනාකරණය කරනු ලබන IHS ග්ලෝබල් සොලියුෂන් ආයතනය සමග SMT ආයතනයේ හූස්ටන් ලන්ඩන් හා සිංගප්පූරු කාර්යාලවලදී මෙම දත්ත මැදිරි පැවැත්වේ.

රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව

Gossip Lanka Hot News Previous News Archive