ඉදිරියේ දී වෙළඳපළට නිකුත් කෙරෙන කෘමිනාශක වල් නාශක හා රසායනික පොහොර මිලදී ගැනීමට හැකි වන්නේ ගොවීන්ට පමණක් බව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි. අවිධිමත් ලෙස කෘමිනාශක, වල්නාශක හා රසායනික පොහොර භාවිතය හේතුවෙන් සිදුවන හානි අවම කිරීමේ අදහසින් ඉදිරි කාලය තුළ මෙම නව නීති ගැසට් පත්‍රයකින් ප්‍රකාශයට පත් කරන බවද සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි.
කෘමිනාශක වල්නාශක හා රසායනික පොහොර විෂවීමෙන් වාර්ෂිකව පුද්ගලයින් 10000 ක් පමණ රෝහල් ගත කරන අතර ඉන් 2000 ක් පමණ මිය යන බවත් තවත් විශාල පිරිසක් විවිධ රෝග තත්වයන්ට ගොදුරු වන බවත් අමාත්‍යාංශය පෙන්වා දෙයි.
කුඩා දරුවකුට වුවත් මෙම ද්‍රව්‍ය පහසුවෙන් මිලදී ගත හැකි තත්වයක් වෙළඳපොළ තුළ පවතින බැවින් ගැසට් පත්‍රය ප්‍රකාශයට පත් කිරීමෙන් අනතුරුව බාලවයසේ දරුවන්ට මේවා විකිණීමෙන් අනතුරව බාලවයසේ දරුවන්ට මේවා විකිණීම සම්පූර්ණයෙන් තහනම් කෙරෙයි. එසේම ගොවිපළ තුළ මෙම ද්‍රව්‍ය භාවිතා කිරීමේදී භාෂා තුනෙන්ම දක්වා තිබෙන ආරක්ෂිත උපදෙස් ක්‍රියාත්මක කිරීමද අනිවාර්ය කර ඇත. වකුගඩු රෝගීන්ගේ ප්‍රමාණය ඉහළයාම කෙරෙහිත් කෘමිනාශක, වල්නාසක සහ රසායනික පොහොර භාවිතා කිරීම හේතුව වී තිබෙන නිසා මෙසේ දැඩි නීති පද්ධතියක් හඳුන්වාදීමට තීරණය කළ බවඳ අමාත්‍යාංශය වැඩි දුරටත් පවසයි.