ඉන්දීය සිනමා ශිල්පී කමල හසන් විසින් නිර්මාණය කරන ලද මතභේදයට තුඩු දුන් විශ්වරූපම් චිත්‍රපටය ශ්‍රී ලංකාවේ ප්‍රදර්ශනය සඳහා අනුමැතිය පළ කළ බව ශ්‍රී ලංකා ආණ්ඩුව පවසයි.
චිත්‍රපටයේ දර්ශන තුනක් පමණක් ඉවත් කොට එය ප්‍රදර්ශනය සඳහා අනුමැතිය දීමට ප්‍රසිද්ධ රැඟුම් පාලක මණ්ඩලය තීරණය කළ බවයි, සංස්කෘතික අමාත්‍ය ටී බී ඒකනායක කියා සිටියේ.මුස්ලිම් ජනතාවට අපහාස වන අන්දමේ දර්ශන ඇතුලත් බව පවසමින් මුලින්ම ඉන්දියාවේ එයට විරෝධය පළ වූ අතර, ජාතික සමගියට හානි වීමේ තර්ජනයක් ඇති බැවින් එය තාවකාලිකව තහනම් කරන බව ඉන් අනතුරුව ශ්‍රී ලංකාවේ ආණ්ඩුව ද නිවේදනය කළේය.
"ප්‍රසිද්ධ රැඟුම් පාලක මණ්ඩලය මේ පිළබඳව බලල, මේ රටේ මුස්ලිම් සංවිධාන ගණනාවකට මේක පෙන්නුවා. ජනාධිපතිතුමාටත් මේ පිළිබඳව වාර්තා කරලා, සාකච්ඡා කිරීමෙන් අනතුරුව මේ වෙනකොට අනුමත කරලා ඉවරයි," අමාත්‍යවරයා පැවසීය.
එසේ ප්‍රදර්ශන කිරීම පිළිබඳව ශ්‍රී ලංකාවේ මුස්ලිම් සංවිධානවලින් විරෝධයක් මතු නොවූ බව ද අමාත්‍ය ටී බී ඒකනායක සඳහන් කළේය.