පසුගිය වැලන්ටයින් දවසේ ජෝඩු සිටි තැනක නටන්නට යාම නිසා පෙම්වතුන් විදියට කටකතාවක් හදාගත්ත දිනක්ෂි ප්‍රියසාද් සහ රොෂාන් රණවන ඒක බොරුවක් බව දැන් කියනවා. ඉරිදා මව්බිම කැලෑපත්තරේට ඒ ගැන පැහැදිලි කරල තියෙන්නෙ මෙහෙමයි
දැක්ක පමණින් ඇසුව පමණින් දෙයක් විශ්වාස කරන්න එපා කියන්නේ කට කහනවට නෙවෙයිනේ.... දැකපු දෙයක් ගැන හොයන්නේ බලන්නේ නැතුව තමන්ට හිතිච්ච දේ වෙබ් අඩවියක පළ කරලා පහුගිය දවසක හිත හොඳ දෙන්නෙක්ගේ හිත හොඳටම රිදුණා.... ඒ වෙන කවුරුත් නෙවෙයි රොෂාන් රණවන සහ ඩිනක්‍ෂි ප්‍රියසාද්. පෙම්වතුන්ගේ දිනයේදී Y FM නාළිකාව කළ ආරාධනයකට එක්සෙල් වල්ර්ඩ් ගිහින් තමයි දෙන්නා මේ තොප්පිය දාගත්තේ.... පෙම්වතුන් සතුටු කරන්න ගිහින් මදැයි වෙච්ච දේ.... වෙච්ච දේ ගැන සහසුද්දෙන්ම දැනගන්න අපි දෙන්නටම කතා කළා....
![](https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEi23y0zdW_ky69qP-uHDY83hnFaGBKW66y4UfOWjAkDM4-AXO8xrBR-wE_FqU3cL_sCh0UTdIu64NowSWZUqR-vNVmJgotRdfFdfD-i4fgGZt5EZKo-fuJ2xin_WJy_Dx0OskiOnjWS038/s400/Copy+of+12516.jpg)
මේ වගේ කතා හැදුවහම කලබල වෙනවාට වඩා මේ වගේ කතා ගොතපු අය ගැන අනුකම්පාවක් ඇති වෙනවා.... මේ වගේ බොරු කතා ගොතලා හරි ඒ අයගෙ වෙබ් අඩවි ජනප්‍රිය කරගන්න ඕනෑනේ....
"
රොෂාන් එහෙම කිව්වේ පසු තැවීමෙන්.... ඒ විතරක් නෙවෙයි මෙන්න මේ ටිකත් කියන්නම කියලා එයා කිව්වා....
"අපේ ප්‍රේක්‍ෂකයෝ මෝඩ නෑ.... ඒ අය දැක්ක පමණින්, ඇහුව පමණින් දෙයක් විශ්වාස කරන්නේ නෑ.... ඒ වගේම අපි කවුද මොන වගේ චරිතද කියලා එයාලට අවබෝධයක් තියෙනවා.... මේ වගේ දේවලින් වෙන්නේ බොරු කතා පතුරන වෙබ් අඩවි ගැන මිනිස්සුන්ගේ විශ්වාසය බිඳෙන එක විතරයි..."
හැමදාම කැමරාව ඉදිරියේ පෙම්වතා වුණාට රොෂාන් සැබෑ ජීවිතයේ පෙම්වතෙක්ද කියන ප්‍රශ්නය ඕනෑ කෙනෙක්ගේ හිතේ නළියනවා.... වෙනදාට වඩා රොෂාන් ඒකට දුන්නේ සුබවාදී උත්තරයක්....
"ඒ ගැන කියන්න ඕනෑ.... හැබැයි ඒකට සුදුසුම වෙලාව ආවහම..... එතකන් මං මුකුත්ම කියන්නේ නෑ..."
ඒ වචන ඇතුළේ වචනවලින් නොකියූ රහසක් තියන බව අපිට දැනුණා....
හැබැයි ඒ ඩිනක්‍ෂි නෙවෙයි කියලත් අපි සහසුද්දෙන්ම දන්නවා....
"
![](https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEgSSxb-asy_xly9GdQk9eHaFAL8pQUeG7jhojv6XCOaJrbkL_2nQHNvqi3mmCWiQZasYTOIXDQnAmUJa1DMksncJqkifR5YD2Wf10Z0jsztCewRStc18XvI4uNoR6Jy_tAqtoDqQc-1X3g/s400/Copy+%25282%2529+of+12516.jpg)
එදා එක්සෙල් වල්ර්ඩ් එකට පෙම්වතුන් රස ගන්වන්න රොෂාන් ඩිනක්‍ෂිට අමතරව නෙහාරා - මේනක, රුවන් - ෂෙරිල් ජෝඩු දෙකත් ඇවිත් හිටියා..... වැරැද්ද වුණේ අන්න එතැන.... අනිත් දෙන්නා ජෝඩු නිසා මේ දෙන්නත් ජෝඩුවක් කියලා දැකපු අය හිතලා...
"එහෙම හිතන එක අසාධාරණයිනේ.... ඔන්න අපි වැරැදි විදියට හැසිරුණා නම් කමක් නෑ.... විෂුවල් එකට ඕනෑ කියපු නිසයි "බැලුන් ඩාන්ස්" එක වුණත් කළේ.... අනිත් එක මේ ආරාධනාව කළේ නංගිට. එයාට ෂූටින් නිසා එන්න බැරි වුණා. ඊට පස්සෙයි මට එන්න කිව්වේ.... ඒ ගිහින් මදැයි වෙච්ච දේ....."
කවදාවත් කතාවක් හදානොගත් හිත හොඳ ඩිනක්‍ෂි හිතේ දුකෙන් එහෙම කිව්වා....
පහත පළවන්නේ එම පාටියේ ඡායාරූප එකතුවකි.