තම පාසලේ ඉගෙණුම ලබන 07 හැවිරිදි දැරියකට බරපතල ලිංගික අපරාධයක් කළ බව කියන නියෝජ්‍ය විදුහල්පතිවරයෙකුව මුන්දලම පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන ඇත. අත්අඩංගුවට ගෙන ඇත්තේ පුත්තලම අධ්‍යාපන කලාපයේ මදුරන්කුලිය - කන්දතොඩුවාව ප්‍රදේශයේ විදුහලක සේවය කරණ 38 හැවිරිදි පුද්ගලයෙකුවය. අතවරයට පත්ව ඇති දැරිවිය මදුරන්කුලිය - කුරිංඥංපිටිය ප්‍රදේශයේ පදිංචිකාරියකි.
ඇය ඉකුත් 05 වැනිදා පෙරවරුවේ තමන් ඉගෙණුම ලබන පාසල වෙත යමින් සිටින විට යතුරු පැදියකින් පැමිණ ඇති සැකකරු දැරිවියව එම යතුරු පැදියේ තබාගෙන පාළු නිවසකට ගෙන ගොස් මෙම අරාධය සිදු කර ඇති බව පොලීසිය විසින් කරනලද මුලික විමර්ශණ වලදී හෙලිවී ඇත.
සැකකරු අපරාධය සදහා යොදා ගත් යතුරු පැදියද පොලිස් බාරයට ගෙන ඇත. අතවරයට පත්ව ඇති දැරිවිය වෛද්‍ය පරීක්ෂණ කටයුතු සහ ප්‍රතිකාර සදහා හලාවත මහා රෝහලට ඇතුළත් කර ඇත.සැකකරු පුත්තලම දිසා අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතය.