තලංකාවපුරා දීපව්‍යාප්තව පසුගිය වසර හතර තුළ සිදුකළ සමීක්ෂණයකින් පසුව නවතම \'දිවි මකුළු\' විශේෂයක් ලෝකයට අනාවරණය කිරීමට මෙරට පරිසරවේදීහු පිරිසක් සමත්ව සිටිති.
Poecilotheria Rajaei යන විද්‍යාත්මක නාමයෙන් හඳුන්වන මේ දිවි මකුළු විශේෂය පිළිබඳ විද්‍යාත්මක පත්‍රිකාව British Tarantula Socity නම් ජර්නලයේ ආසන්නම කලාපයේ පළකර ඇත. මෙම දිවිමකුළු විශේෂයෙහි පළමු නිදර්ශකය 2009 වර්ෂයේදී හමුවී ඇත්තේ මාන්නකුලම් ආශ්රිත ගම්මානයකදීය.
එහිදී පර්යේෂකයන්ට හමුවී ඇත්තේ ගම්මුන් විසින් මරා දමන ලද දිවිමකුළුවකුගේ නිදර්ශකයකි.
මේ වනවිට ලංකාවේ දිවිමකුළු විශේෂ 7 ක් හඳුනාගෙන ඇති අතර මෙම නවතම Poecilotheria Rajaei දිවිමකුළු විශේෂයත් සමඟ එය අටක් බවට පත්වේ.
ලෝකයේම මේ වනවිට Poecilotheria ගණයට අයත් දිවිමකුළු විශේෂ 15 ක් හඳුනාගෙන ඇත. ඉන් විශේෂ අටක් හමුවන්නේ ඉන්දියාවෙනි. හඳුනාගත් මෙම නව දිවිමකුළු විශේෂයත් සමඟ අනෙක් විශේෂ අට හමුවන්නේ ලංකාවෙනි.
මෙම දිවිමකුළු විශේෂය බහුල වශයෙන් ලංකාවේ උතුරු පළාතේ දැකිය හැකි බව පර්යේෂකයෝ ප්‍රකාශ කරති. රනිල් නානායක්කාර, පීටර් ක්‍රීක්, සාලින්ද්ර දයානන්ද, ජී.ඒ.එස්.එම්. ගනෙහිආරච්චි, නිලන්ත විශ්වනාත් සහ තාරක කුසුමින්ද පර්යේෂණ කණ්ඩායමට අයත් වෙති.