ඉන්දියාවේ එල්.ටී.ටී.ඊ. හිතවාදීන් ගෙන් කුමාර ධර්මසේනට විරෝධයක්

ඉන්දියාව හා ඔස්ටේ‍්‍රලියාව අතර චෙන්නායිහීදී පැවැත්වෙන පළමු ටෙස්ට් ක‍්‍රිකට් තරගයේ විනිසුරුවරයෙකු ලෙස කටයුතු කරන ශ‍්‍රී ලංකා විනිසුරු කුමාර ධර්මසේන මහතාට එරෙහිව එල්.ටී.ටී.ඊ. හිතවාදීන් පිරිසක් විරෝධතාවක නිරත වී තිබේ. එම විරෝධතාව පවත්වා ඇත්තේ ප‍්‍රභාකරන්ගේ බාලපුත් බාලචන්ද්‍රන්ගේ ඝාතනයට ශ‍්‍රී ලංකා රජය වගකිව යුතු යැයි පවසමිනි. 
මෙතෙක් කිසිවෙකු අසානැති ‘තාන්තයි පෙරියර් ද්ර්චිඩ කසාගම්‘ නම්වූ සංවිධානයක සාමාජිකයින් පිරිසක් මෙලෙස විරෝධතාවයේ නිරත වූ බව ඉන්දීය මාධ්‍ය වාර්තා කරයි. මෙම විරෝධතාවයට සහභාගීවූ සියලුමදෙනාම කළු ඇඳුමෙන් සැරසී අවිනීත ලෙස කෑ කෝ ගසමින් සිටි බවත් ඔවුන් සියලුදෙනාම ඉන්දියානු පොලිසිය මගින් අත්අඩංගුවට ගන්නාලද බවත් එම වාර්තාවල දැක්වේ.
මෙම විරෝධය හේතුවෙන් ක්‍රිකට් තරඟයට මෙයින් කිසි බාධාවක් සිදුවී නැත.
 මුලාශ්‍රය :- Pro-Ealam outfit protests Sri Lankan umpire officiating match

Gossip Lanka Hot News Previous News Archive