සන්ඩේ ලීඩර් පුවත් පතේ මාධ්‍යවේදී ෆාරාස් සකූර් අලී මහතාට නාඳුනන කණ්ඩායමක් විසින් වෙඩි තබා ඇතැයි වාර්තා වේ.ගල්කිස්ස හෝටල් පාරේ ඛෙන්ස් මාවතේ අංක 1/4 දරණ නිවසේ ජීවත් වූ ෆාරාස් මහතා එම නිවසේ සිටියදී අද අලුයම 12.10ට පමණ නිවසට කඩා වැදුණු තිදෙනෙකුගෙන් යුත් කණ්ඩායමක් විසින් මෙම වෙඩි ප්‍රහාරය එල්ල කොට පලාගොස් තිබේ.
ඔහුගේ වම් උරහිසට වෙඩි පහර වැදී ඇති අතර මේ වන විට කළුබෝවිල රෝහලට ඇතුලත් කර තිබේ. රෝහල් ප්‍රකාශකයෙකු කීවේ ඔහු අනතුරුදායක තත්ත්වයෙන් මිදී ඇති බවයි. 55 හැවිරිදි ෆාරාස් මහතා සන්ඩේ ලීඩර් පුවත්පතේ විමර්ශනාත්මක මාධ්‍යවේදියෙක් ලෙස ප්‍රකට ය.