මියගිය කොටි සාමාජිකයකුගේ පවුලේ අයට හමුදාවෙන් නව නිවසක්

අම්පාර නාවන්දන්වේලි ප්‍රාදේශිය ලේකම් කොට්ඨාසයේ අඩ්ඩාලචේන ග්‍රාමසේවා වසමේ පදිංච්ව සිට මියගිය එල්.ටි.ටි.ඊ. සමාජිකයෙකුගේ අසරණ පවුලකට නිවසක් තනාදිමට යුද හමුදාව ඉදිරිපත්ව සිටි. රුපියල් ලක්ෂ හයක වියදමින් මේ නිවස තනාදිමට කටයුතු යොදා තිබේ. 
මියගිය එල්.ටි.ටි.ඊ. සාමාජිකයගේ මිත්තනිය සහෝදරියන් දෙදෙනකු හා සහෝදරයකු සිටින අතර ඔවුන්හට හට ජිවත් වීමට තරම් ආදායම් මාර්ගයක් ද නොමැත. එබැවින් තුන්වන සේනාධිපති හරේන්ද්‍ර පෙරේරා මහතාගේ උපදෙස් පරිදි 631 බලසේනාධිපති ප්‍රියන්ත ගමගේ මහතාගේ අධික්ෂණය යටතේ 16 වන ශ්‍රි ලංකා ජාතික බලමුළුවේ නිලධාරින් සහ සෙසු නිලයන්ගේ දායකත්වයෙන් මේ නිවස ඉදිකර දිමට කටයුතු යොදා තිබේ. පසුගියදා මේ නිවස ඉදිකිරිම සදහා තුන්වන සේනාකාධිපති හරේන්ද්‍ර පෙරේරා මහතා සහ 631 බලසේනාධිපති ප්‍රියන්ත ගමගේ මහතා විසින් මුල් ගල තබන ලදි. හින්දු ආගමික වතාවත්වලට මුල්තැන ලබාදෙමින් නිවස ඉදිකිරිමේ කටයුතු ආරම්භ කළේය.
මිය ගිය එල්.ටි.ටි.ඊ.සමාජිකයාගේ මිත්තනිය අදහස් දක්වමින් පවසා සිටියේ තම මුණුපුරා එල්.ටි.ටි.ඊ. සංවිධානයට බැදි නොමග ගිය නිසා තමන් ඇතුළු පවුලේ සියලු දෙනා අසරණ වු බවත් යුද හමුදාවේ නිලධාරින් එක මුණුපුරෙක් වෙනුවට මුණපුරන් රාශියක් ලැබුණු සතුට අද විදින බවත් යුද හමුදා නිලධාරින් මේ නිවස ඉදිකර දිමෙන් තමන් හට මහත් සැනසිල්ලක් ලැබෙන බවත්ය.

Gossip Lanka Hot News Previous News Archive