මවත් දියණියත් ලෙබනන්හිදී මියයැම අබිරහසක්‌

ලෙබනන් හි රැකියාවල නිරතවෙමින් සිටි ශ්‍රී ලාංකික මවක හා දියණියක සතියක්‌ ඇතුළත එකම රෝගී තත්ත්වයකින් මිය යැම අබිරහසක්‌ බව ඔවුන්ගේ පවුලේ ඥතීහු පවසති.
 මෙසේ මියගොස්‌ ඇත්තේ මීට වසර 28 කට පෙර රැකියාව සඳහා විදේශ ගතවූ නාත්තන්ඩිය මහවැව කොස්‌වාඩිය පදිංචිව සිටි 62 හැවිරිදි එච්. පී. මාග්‍රට්‌ සහ මීට වසර 06ට පමණ පෙර විදේශගතවූ මහවැව වීහේනවැල්ල කැලේ පදිංචිව සිටි 37 හැවිරිදි මල්ලිකා කුසුමලතා නමැති මවක හා දියණියකි. මොවුන් දෙදෙනාම ලෙබනන්හි බීරූට්‌ නගරයේ රැකියා කරමින් කුලියට ගත් නිවසක නැවතී සිට ඇත. හදිසියේ ඉකුත් 15දා අසනීපවූ මාග්‍රට්‌ නමැති මව 17දා මියගොස්‌ ඇත්තේද 20දා අසනීප වූ මල්ලිකා 24දා මියගොස්‌ ඇත්තේද බීරූට්‌හි රෝහලකය. ඔවුන්ට සෙම් රෝගයක්‌ වැළඳී තිබිණැයි ඥතීන්ට දැන ගැනීමට ලැබී ඇත. එහෙත් ඔවුන් පවසන්නේ එය විශ්වාස කළ නොහැකි බවයි.
මේ වනවිට දේහයන් ගෙන්වා ගැනීමට විදේශ කටයුතු අමාත්‍යාංශයට පසුගිය 26දා ලිපි ලේඛන ඉදිරිපත් කර ඇත. මියගිය දෙදෙනාගේ ඥතීන් රජයෙන් ඉල්ලා සිටින්නේ සාධාරණ පරීක්‍ෂණයක්‌ සිදුකර නොපමාව දේහයන් මෙරටට ගෙන්වා දෙන ලෙසයි.

Gossip Lanka Hot News Previous News Archive