සෞදි අරාබියේදී ගෙළ සිඳ ඝාතනයට ලක් කළ රිසානා නෆීක් වෙනුවෙන් නව කොස් ප‍්‍රභේදයක් නම් කිරීමට සොබාදමින් ලොව රැකුමට කොස් වවමු සංවිධානය තීරණය කර තිබෙනවා.
දැනට කොස් ප‍්‍රභේද තිස් තුනක් පමණ ලංකාවේ විවිධ ප‍්‍රදේශවල ඇති බව පවසන එම සංවිධානයේ ලේකම් ඉන්දිකා දිල්රුක්ෂි වීරකෝන් මහත්මිය ‘රිසානා’ නමින් අලූත් ම කොස් ප‍්‍රභේදයක් නම් කළ යුතු යැයි තම සංවිධානය යෝජනා සම්මත කර ගත් බව ද කියා සිටී.රිසානා නෆික් සෞදි අරාබියේ රැකියාවකට ගියේ තම මවුපියන්ගේ සහ සහෝදර සහෝදරියන්ගේ කුසගිනි නිවන්නට බව එම සංවිධානයේ සභාපති පුෂ්පකුමාර එදිරිසිංහ මහතා පැවැසුවේ ය.
‘කොස්’ යනු අනාදිමත් කාලයක සිට ජනතාවගේ කුසගිනි නිවූ ආහාරයක් නිසා ඇයගේ නමින් ‘කොස්’ ප‍්‍රභේදයක් නම් කිරීමෙන් අනුන්ගේ කුසගිනි නිවන්නට දිවි දුන් ඇය සදාකාලිකව ලාංකීය ජනතාව මතකයේ සිටිනු ඇතැයි ද එදිරිසිංහ මහතා කීවේ ය.
රිසානා නමින් නම් කළ ‘කොස්’ ප‍්‍රභේදය මැයි මාසයට පෙර ඒක පුද්ගල පනතක් ලෙස පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර සම්මත කර ගැනීමට අදහස් කරන බව ද එදිරිසිංහ මහතා කීහ.;