උලමා හලාල් වලින් ඉවත් වෙන්න තීරණය කරයි

සමස්ත ලංකා ජමෙයිතුල් උලමා සංවිධානය හලාල් සහතිකය නිකුත් කිරීමෙන් ඉවත්වීමට තීරණය කර තිබේ. ඒ තීරණය සම්බන්ධයෙන් දැනුවත් කිරීම සඳහා අද(26) පස්වරුවේ කොළඹදී විශේෂ මාධ්‍ය හමුවක් කැඳවා ඇති බවද වාර්ථා වේ. 
හලාල් සහතිකය සම්බන්ධයෙන් සමාජයේ මතභේදාත්මක තත්වයක් උද්ගතව ඇති අතර එම සහතිකය නිකුත් කිරීම පිළිබඳ විවිධ පාර්ශව පක්ෂව සහ විපක්ෂව අදහස් දක්වනු ලැබීය. සමස්ත ලංකා ජමියතුල් උලමා සංවිධානය සහ ලංකා ජමියතුල් උලමා සභාව, හලාල් සහතිකය සම්බන්ධයෙන් දැක්වූයේද පරස්පර අදහස් ය.මේ අනුව ඉදිරිපත් වූ කරුණු සළකා බලා සමස්ත ලංකා ජමෙයිතුල් උලමා සංවිධානය මෙම තීරණය ගෙන ඇති බවයි වාර්තා වේ.

Gossip Lanka Hot News Previous News Archive