ශ්‍රී ලංකාව ගැන අවධානයෙන් සිටිනවා - බ්‍රිතාන්‍ය රජය

ශ්‍රී ලංකාවේ මානව හිමිකම් තත්ත්වය උසස් මට්ටමකට ගෙනඒමට නම් උගත් පාඩම් හා ප්‍රතිසංධාන කොමිෂන් වාර්තාවේ නිර්දේශ ක්‍රියාත්මක කළ යුතු බව බ්‍රිතාන්‍ය රජය පවසයි. 
 ඊයේ (25) ස්විස්ටර්ලන්තයේ ජිනීවා හිදී ආරම්භ වූ ජගත් මානව හිමිකම් සමුළුවේ 22 වැනි සැසිවාරය අමතමින් බ්‍රිතාන්‍යයේ විදේශ කටයුතු කාර්යාලයේ රාජ්‍ය අමාත්‍ය බැරොනිස් සයිඩා වර්සි මහත්මිය මේ බව සඳහන් ක‍ළාය. ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් බ්‍රිතාන්‍ය ඇතුළු රටවල් දිගින් දිගටම අවධානයෙන් පසුවන බව ඇය එහිදී පැවසුවාය. එලෙස ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් එක්සත් ජාතින්ගේ මානව හිමිකම් කවුන්සිලයේ අවධානය යොමුව ඇත්තේ ලංකාවේ ප්‍රතිසංධාන කටයුතු නිසිපරිදි සිදුවන්නේ ද යන කාරණාව නිසා බැව් ඇය කියා සිටිය‍ාය.
ශ්‍රී ලංකාවට ඉදිරියට යාම සඳහා ශක්තිමත් සැලසුමක් අවශ්‍ය බවද ඇය එහිදී වැඩිදුරටත් පැවසුවාය.

Gossip Lanka Hot News Previous News Archive