ඉන්දුනීසියාවේ බාලි නුවර සිට සංචාරක වීසා ලබගෙන මෙරටට පැමිණි තරුණ කතුන් දහසකට අධික පිරිසක් කොළඹ ඉහළ පෙළේ සම්බාහන මධ්‍යස්තානවල හා රාත්‍රී සමාජ ශාලා වල අනාචාරයේ හැසිරෙමින් නීති විරෝධී ලෙස සේවයේ යෙදී සිටින බව කොළඹ ඉන්දුනීසියානු තානාපති කාර්යාලය ජකර්තා අගනුවරට පැමිණිළි කර තිබේ.
ඒජන්තවරුන් මාර්ගයෙන් මෙරටට ඇතුළු වී ඇති ඔවුන් ගණිකා වෘත්තියේ නියැළෙන බවද පවසන තානපති ආරංචි මාර්ග මෙම ගැටලූව නොපමාව විසදන ලෙස ජකර්තා නුවර බලධාරීන්ගෙන් ඉල්ලීමක් ද කර ඇත.
ජකර්තා නුවර විදේශ රැකියා සපයන රැකියා ආරක්ෂණ දෙපාර්තමේන්තුවේ ප්‍රධානී බෙන් පසර් වසන් පාග්ගේ මහතා ශ්‍රී ලංකාවේ බාලි නුවර කාන්තාවන් දහසකට අධික ප්‍රමාණයක් කොළඹ සම්බාහන සේවයේ යෙදී සිටින බව තහවුරු කර ඇත.
මේ පිළිබද විමසීමේදී කොළඹ උසස් පොලිස් නිලධාරියෙකු සදහන් කළේ ඉන්දුනීසියානු කාන්තාවන් කොළඹ සම්බාහන වෘත්තියේ යෙදී සිටින බව ඔවුන්ට දැනුම් දී ඇති අතර පොලීසිය දැන් ඉහළ පෙළේ සම්බාහන ආයතන හා රාත්‍රී සමාජශාලා වටලමින් සිටින බවය.
තවද මෙවැනි සම්බාහන මධ්‍යස්ථාන වල රුසියානු සහ තායිලන්ත කාන්තාවන්ද සම්බාහන සේවයට මුවාවී ගණිකා වෘත්තියේ යෙදෙන අවත් අනාවරණය වී ඇති බව එම නිලධාරියා පැවසීය.
කොළඹ විදේශ කටයුතු අමාත්‍යංශය මෙහි රැදී සිටින කාන්තාවන් පිළිබද කඩිනම් ක්‍රියාමාර්ගයක් ගන්නා ලෙස ජකර්තා නුවරට දැනුම්දී ඇති බව සදහන් කළ එම උසස් නිලධාරියා එම කාන්තාවන් අල්ලා නැවත ඉන්දුනිසියාවට යවන බව පැවසීය.