දෙමළ ජාතිකයන්ට වධදීම ගැන 'සාක්ෂි නෑ' චාර්ල්ස් හැවිලන්ඩ්

දේශපාලන රැකවරණ පතා සිටි ශ්‍රී ලංකාවේ දෙමළ ජාතිකයන් යලි සියරට පිටත් කිරීම මගින් ඔවුන්ගේ ජීවිත අනතුරේ හෙලන බවට එල්ල වන චෝදනා බ්‍රිතාන්‍ය ආණ්ඩුව ප්‍රතික්ෂේප කරයි.

මානව හිමිකම් සංවිධාන පවසන ආකාරයට එසේ යලි සියරට යැවෙන දෙමළ ජාතිකයන්ට ශ්‍රී ලංකාවේදී වධ බන්ධන පැනවෙන බවට සාක්ෂි නොමැති බවයි, විදේශ කටයුතු පිලිබඳ නියෝජ්‍ය බ්‍රිතාන්‍ය අමාත්‍ය ඇලිස්ටර් බර්ට් පවසන්නේ.ශ්‍රී ලංකාවේ සංචාරයක් අතරතුර කොළඹදී අගනුවරදීයි, බ්‍රිතාන්‍ය අමාත්‍යවරයා ඒ අදහස් පළ කළේ.


එල්ටීටීඊය පරාජය කොට වසර හතරක් ගතවී තිබුනත්, ශ්‍රී ලංකාවේ මානව හිමිකම් වාතාවරණය පිළිබඳව තවමත් දැඩි අවධානය පලවෙමින් තිබෙන අතර, විශේෂයෙන්ම සියරට යැවෙන දෙමළ ජාතිකයන්ට වධ බන්ධන පමුණුවන බවට සාක්ෂි ඇති බව ෆ්‍රීඩම් ෆ්‍රොම් ටෝචර් සහ හියුමන් රයිට්ස් වොච් සංවිධාන චෝදනා කරති.

එහෙත් බීබීසීය සමඟ අදහස් දැක්වූ අමාත්‍ය බර්ට් පවසන්නේ එවැනි හැම චෝදනාවක් පිළිබඳවම පරීක්ෂණ පවත්වා අවශ්‍ය නම් ඒ පිළිබඳව අධිකරණයට දැනුම් දීමට පවා බ්‍රිතාන්‍ය ආණ්ඩුව කටයුතු කළ බවයි.

අමාත්‍යවරයාගේ එම ප්‍රකාශය පිළිබඳව ප්‍රතිචාරය පළ කරන හියුමන් රයිට්ස් වොච් සංවිධානය, තමන් ඉතා සුපරීක්ෂාකාරීව රැස් කළ සාක්ෂි පිළිගැනීමට මැලිවන්නේ මන්දැයි බ්‍රිතාන්‍ය ආණ්ඩුව පැහැදිලි කොට නැති බව පවසයි.

යලි සියරට පැමිණෙන ශ්‍රී ලාංකිකයන්ට වධ බන්ධන පණවන බවට එල්ල වන චෝදනා ශ්‍රී ලංකා ආණ්ඩුව ප්‍රතික්ෂේප කරයි.

Gossip Lanka Hot News Previous News Archive