පොදු ප්‍රවාහන සේවාවල අධික තදබදයක් ඇති අවස්ථාවලදී සහ රාත්‍රි කාලයේදී ඒවායේ ගමන් ගන්නා කාන්තාවන් කායිකව, ලිංගිකව හා මානසිකව ප්‍රචණ්ඩත්වයට ලක්වීම වැඩි වී ඇති බව නීති ආධාර කොමිසම විසින් මෑතදී කරන ලද සමීක්ෂණයකදී හෙළි වී තිබේ.
නීති ආධාර කොමිසමේ සභාපති එස්.එස්. විජේරත්න මහතා සඳහන් කළේ ලබන මාර්තු 08දාට යෙදෙන අන්තර්ජාතික කාන්තා දිනයට පෙර මේ තත්ත්වය වළක්වා ගැනීම සඳහා පැය 24 පුරා ක්‍රියාත්මක කෙරෙන පැමිණිලි ලබාගැනීමේ ක්‍රමයක් ක්‍රියාත්මක කිරීමට සැලැසුම් කරගෙන යන බවයි.
මෙවැනි අවස්ථාවලදී බස්රථවල රියැදුරන් සහ සහායකයන්ටද නිසි නීතිමය පුහුණුවක් ලබාදී එවැනි අතවර සිදුවන අවස්ථාවලදී ගතයුතු නීතිමය ක්‍රියාමාර්ග පිළිබඳ දැනුම්වත් කිරීමත් නීතිමය බැඳීමක ඔවුන් සාක්ෂිකරුවන් ලෙස ඉදිරිපත් කිරීමට හැකිවන පරිදි ක්‍රමවේදයක් සකස් කිරීම පිළිබඳ අවශ්‍ය කටයුතු සිදුකරගෙන යන බවද විජේරත්න මහතා පැවැසීය.
පොදු මගී ප්‍රවාහන සේවයේ සිදුවන ලිංගික හිංසනය පිළිබඳ සමීක්ෂණයේ තොරතුරු උපයෝගී කරගනිමින් 'අතවරයට පත්වන්නෝ' යන මැයෙන් පර්යේෂණ කෘතියක්ද නීති ආධාර කොමිසම මඟින් ප්‍රකාශයට පත් කොට තිබේ.