එළෙව්වත් යන්නේ නෑ - රංගේ බණ්ඩාර

සිරිකොත එක්‌සත් ජාතික පක්‍ෂ මූලස්‌ථානය තමන් ඇතුළු පිරිසකට තහනම් කළද තමා ඇතුළු පිරිස එජාපය හැරයන්නේ නැතැයි පුත්තලම දිස්‌ත්‍රික්‌ පාර්ලිමේන්තු මන්ත්‍රී පාලිත රංගෙ බණ්‌ඩාර මහතා පවසයි.
ජව සම්පන්න පාක්‍ෂිකයන්ට එක්‌රැස්‌වීමට සහ ජයග්‍රහණය වෙනුවෙන් වැඩ කිරීමට හිටපු ජනාධිපති ඡේ. ආර්. ජයවර්ධන මහතා විසින් සිරිකොත ගොඩනැඟූ බව පැවසූ ඒ මහතා වත්මන් නායකත්වය හමුවේ එජාපය දියවන තත්ත්වයට පත්ව ඇතැයිද කීය.

කෙසේ වෙතත් එජාපය හැර නොයන බවද තමන්ට එරෙහිව ගෙන ඇති තීරණවලට විරුද්ධව අධිකරණයට යැමට සිදු වී ඇති බව ද හෙතෙම පැවසීය.


කුමන බාධක පැමිණියද සිය දේශපාලන වැඩකටයුතු අත් නොහැර “ජනතා පවුර‘සංවිධානය බිහිකොට රටවටා ගොස්‌ ආණ්‌ඩුවට එරෙහිව ජනතාව පෙළගස්‌වන බව පැවසූ රංගෙ බණ්‌ඩාර මහතා රනිල් වික්‍රමසිංහ මහතාට ජනමතයක්‌ නොමැති බව ඔප්පු කර පෙන්වන බවද පැවසීය.

Gossip Lanka Hot News Previous News Archive