උලමා ගේ ප්‍රකාශය ප්‍රායෝගික නෑ - පාඨලී චම්පික රණවක

මුස්ලිම් ජාතිකයන් උදෙසා පමණක් හලාල් සහතික සහිත ආහාර නිපදවීමට පියවර ගන්නැයි වෙළෙඳ සමාගම් වලින් ඉල්ලා සිටීමට සමස්ත ලංකා ජමියතුල් උලමා සභාව ගෙන ඇති තීරණය ප්‍රායෝගික ක්‍රියාදාමයක් නොවන බව ජාතික හෙළ උරුමය පවසයි.ජාතික හෙළ උරුමයේ ප්‍රධාන ලේකම් පාඨලී චම්පික රණවක අමාත්‍යවරයා ඒ බව ප්‍රකාශ කළේ ආහාර සඳහා හලාල් සහතික නිකුත් කිරීමේ ක්‍රියාදාමය නවතා දැමිය නොහැකි බවට ජමියතුල් උලමා සභාව කළ ප්‍රකාශය සම්බන්ධයෙන් ප්‍රතිචාරය පළ කරමින්.

විශේෂයෙන්ම උලමා සභාවේ විධිවිධාන පරිදි, එකම කර්මාන්ත ශාලාවක හලාල් සහ හලාල් නොවන භාණ්ඩ වර්ග දෙකම නිෂ්පාදනය කිරීමේ හැකියාවක් නැති බවයි තාක්ෂණ කටයුතු සහ පරමාණුක බලශක්තිය පිලිබඳ අමාත්‍යවරයා පවසන්නේ.ඇතැම් පිරිස් හලාල් සහතිකය පිළිබඳව වැරදි තොරතුරු සමාජගත කරමින් සිංහල සහ මුස්ලිම් ජනතාව අතර පවතින සුහදතාව පලුදු කිරීමට උත්සාහ දරන බව හලාල් සහතික නිකුත් කිරීමේ ලේකම් මුර්සිඩ් මුලාෆර් බ්‍රහස්පතින්දා පැවති මාධ්‍ය හමුවකදී කියා සිටියේය.හලාල් ක්‍රමය නවතා දමන ලෙස බොදු බල සේනා සංවිධානය කරන ඉල්ලීමට එකගවිය නොහැකි බවද මුර්සිඩ් මුලාෆර් ප්‍රකාශ කළේය.
කෙසේ නමුත් හලාල් සහතික නිකුත් කිරීම සම්බන්ධයෙන් මතු වී තිබෙන අර්බුදය නිරාකරණය කිරීමේ හැකියාව තිබෙන්නේ ශ්‍රී ලංකාවේ මුස්ලිම් නායකන්ට පමණක් බව අමාත්‍ය චම්පික රණවක අවධාරණය කරයි.

හලාල් නිෂ්පාදන භාවිතා කිරීම තම ආගමික වගකීමක් බවත් මුස්ලිම් ජනතාවට තම ආගම අනුගමනය කිරීමට මානව අයිතියක් ඇති බවයි සමස්ත ලංකා ජමියතුල් උලමා සභාව ප්‍රකාශ කරන්නේ.

මේ අතර, කැස්බෑව, වැව ප්‍රතිසංස්කරණය ආරම්භ කිරීම වෙනුවෙන් පැවති උත්සවයෙ දී, එම පක්ෂයේ බස්නාහිර පළාත් සභා අමාත්‍ය උදය ගම්මන්පිල මහතා කියා සිටියේ, 91% ක ප්‍රතිශතයක් වු ඉස්ලාම් නොවන ජනතාවට හලාල් නොමැති භාණ්ඩ ලබාගැනීමේ හැකියාව පැවතිය යුතු බවට සමස්ථ ලංකා ජමයිතුල් උලමා සංවිධානය කළ ප්‍රකාශය අගය කරන බවයි.

Gossip Lanka Hot News Previous News Archive