පුද්ගලයන් 1200 කට පමණ තුවාල සිදුකරමින් නිවාස, ගොඩනැගිලි දහස් ගණනකට අලාභ හානි සිදුකරමින් මධ්‍යම රුසියාවේ යූරල් කඳු ප්‍රදේශයට පෙරේදා (15) පතිත වූ දැවැන්ත උල්කාවේ කොටස් සොයා රුසියානු කිමිදුම්කරුවන් මේ වන විට එම ප්‍රදේශයේ ඇති විලක් සෝදිසි කරමින් සිටියි.
ටොන් 10 ක් පමණ බරැති උල්කා කොටසක් චෙල්යබින්ස්ක් ප්‍රදේශයේ පිහිටි මෙම විලට පතිත වූ බව වාර්තා වේ.
අහසේ දැවැන්ත ගිනිබෝලයක් ලෙසින් උල්කාව පතිත වීමත් සමග ඇතිවු ශබ්ද පිපිරීම හේතුවෙන්ද ගොඩනැගිලිවලට හානි සිදුවී ඇත.
වායුගෝලයේ ගැටීමේදී දැවී විසිරුණු උල්කාෂ්ම වර්ෂාවක් මෙම ප්‍රදේශයට කඩා වැටීමෙන් පුද්ගලයන් රැසකට තුවාල සිදුවිය.
උල්කා පතිතවීමෙන් හානියට පත්වු ප්‍රදේශයේ සහන කටයුතු සඳහා 20,000 ක් පමණ යොදවා ඇති බවයි රුසියානු හදිසි සේවා කටයුතු අමාත්‍යවරයා ප්‍රකාශ කළේය.
නාසා විද්‍යාඥයන් ප්‍රකාශ කළේ මෙම උල්කාව වායුගෝලයට ඇතුළුවීමේදී මුදා හැරුණු ශක්තිය හිරෝෂීමාවට හෙළනු ලැබූ න්‍යෂ්ටික බෝම්බය මෙන් 30 ගුණයක ප්‍රබලතාවකින් යුක්ත බවයි.