බුදුරුව පිටේ කෙටූ සුද්දි රිමාන්ඩ්

සමාධි බුද්ධ රූපයක් පිටේ පච්චා කෙටු නෙදර්ලන්ත ජාතික කාන්තාවක් වීසා නැතිව මහනුවර නගරයේ රැදී සිටියදී පොලිස් අත්අඩංගුවට ගෙන මහනුවර මහේස්ත‍්‍රාත් රවීන්ද්‍ර පේ‍්‍රමරත්න මහතා හමුවට අද (07) ඉදිරිපත් කිරීමෙන් අනතුරුව ඇය හෙට (08) දක්වා රක්ෂිත බන්ධනාගාරගත කෙරිණි.
වයස අවඅරුදු 26 ක් පමණ වන මෙම නෙදර්ලන්ත ඡාතික කාන්තාව මහනුවර දළදා විදියේ පිහිටි අවන්හලකදී සිදුකළ කළබලයක් හේතුවෙන් ඊයේ (06) පොලිස් අත්අඩංගුවට ගෙන ඇත. මෙම විදේශිය කාන්තාව ලංකාවට පැමිණියේ කෙසේද යන්න පිළිබඳව ඇගේ විදේශ ගමන් බලපත‍්‍රයේ සඳහන් වි නැතැයි පොලිසිය කියයි.

ඇගේ පිටෙහි සමාධි බුද්ධ ප‍්‍රතිමාවක් පච්චා කොටා ඇති අතර ඒ පිළිබඳව පොලිසිය ප‍්‍රශ්න කිරීමේදී ඇය පොලිසියට පවසා ඇත්තේ එම පච්චය නෙදර්ලන්තයේ ඇමස්ටර්ඩෑන් වලදී කෙටු බවය.

Gossip Lanka Hot News Previous News Archive