හිටපු ක්‍රිකට් නායක තිලකරත්න ඩිල්ෂාන් මහතාට අයත් මිරිහානේ පිහිටි නිවසේ සවිකර තිබූ ආරක්ෂිත කැමරා පද්ධතිය යාබද නිවසේ නාන තටාකය වෙත එල්ල වී නොතිබූ බව මිරිහාන පොලිසිය කළ පරීක්ෂණවල දී හෙළි වී ඇත.අවශ්‍යතාවක් ඇත්නම් නිවසේ තාප්පය උස්කර ගන්නා ලෙසද පැමිණිලිකාර පාර්ශ්වයේ කාන්තාව වෙත මිරිහාන පොලිසිය උපදෙස් ලබා දී තිබේ.
තිලකරත්න ඩිල්ෂාන් මහතාගේ නිවසේ සවිකර තිබෙන කැමරාව තම ඉඩමේ පිහිටි නාන තටාකය වෙත එල්ල වී තිබෙන බව කියමින් මිරිහාන රජමහා විහාර පාරේ පදිංචි කාන්තාවක් මිරිහාන පොලිසිය වෙත පැමිණිල්ලක් කර තිබිණි.පැමිණිල්ලට අදාළ පාර්ශ්වයන් දෙක පොලිසියට කැඳවා පරීක්ෂණයක් පැවැත් වූ පොලිසිය පැමිණිල්ල සමථයකට පත් කිරීමට කටයුතු කරන ලදී.
මෙම පැමිණිල්ල කළ කාල වකවානුවේදී තිලකරත්න ඩිල්ෂාන් මහතා සහ ඔහුගේ පවුලේ සාමාජිකයන් විදේශගතව සිට ඇත.
CCTV CAMERA ISSUE WITH DILSHAN’S NEIGHBOUR
A CCTV camera placed in cricketer TM Dilshan’s house focuses on the neighbour’s swimming pool