ණයතුරුස් බේරා ගන්නට තරම් ආර්ථික හයියක් නැති 41 හැවිරිදි තිදරු පියකු බාල දරුවන් දෙදෙනාට වස පොවා ඔහුත් වසපානය කර මියැදීමේ දුක්මුසු පුවතක් මහනුවර කටුකැලේ 67 වත්තෙන් වාර්තා වේ. සාර්ථක රන්කරුවකු ලෙස සතුටුදායක ආදායමක් ලබමින් 14 හැවිරිදි ලොකුපුතාට ජාත්‍යන්තර පාසලක අධ්‍යාපනය ලබාදෙමින් හොඳ පවුල් ජීවිතයක් ගත කළ 41 හැවිරිදි සිනිවාසන් උදයකුමාර් නමැත්තා තම බාල පුතුන් දෙදෙනාට වස පොවා මෙසේ දිවියෙන් සමුගැනීමට එක් හේතුවක් වී ඇත්තේ තම රන් කර්මාන්තය දියුණු කරගන්නට ගත් ණය ආපසු බේරන්නට නොහැකි වීමෙන් ණයකරුවන් පවරා තිබූ නඩුවලට උසාවි ගාණේ යන්නට තරම් ආදායමක් නොමැතිව දුප්පත්කමේ පතුලට පත්වීමයි.
සිසිල් බීමට මිශ්‍ර කළ වස පානය කිරීමෙන් පියා වන උදයකුමාර් සමඟ මියගොස් ඇත්තේ අටහැවිරිදි උදයකුමාර් ලදුර්පනන් සහ බඩපිස්සා වන සිවු හැවිරිදි උදයකුමාර් ලදුශ්කයි.
සිනිවාසන් උදයකුමාර් නමැත්තා රන් බඩු කාර්මිකයකු වශයෙන් තම ජීවනෝපාය සිදුකොට ඇති අතර එම නිවෙසෙහි ඔහුගේ බිරිය වන 37 හැවිරිදි ඒ. සරලා, වැඩිමහල් පුත්‍රයා වූ 14 හැවිරිදි උදයකුමාර් ධනුශාන්ද වස පෙවීමෙන් මියගිය දරුවන් දෙදෙනාත් ජීවත් වී ඇත.
වැඩිමහල් පුතා වන උදයකුමාර් ධනුශාන් මහනුවර ජාත්‍යන්තර පාසලක 09 වැනි ශේ්රණියේද දෙවැනි පුත් උදය කුමාර් ලදුර්පනන් මහනුවර කටුකැලේ ප්‍රදේශයේම රජයේ ද්‍රවිඩ පාසලක 03 වැනි ශේ්රණියේද අධ්‍යාපනය හැදෑරූ බව සඳහන් වන අතර බාල පුත්‍රයා වූ සිවු හැවිරිදි උදය කුමාර් ලදුශ්ක මහනුවර නගරයේම පෙර පාසලක අධ්‍යාපනය හැදෑරූ බව පැවැසේ.
මේ පුද්ගලයා පසුගිය දිනක රාත්‍රි 7.30ට පමණ තම බිරිය හා වැඩිමහල් පුත්‍රයාට හාල් ගෙන එන ලෙස පවසා අසල වූ වෙළෙඳසලකට යවා ඇති අතර නිවෙසට රැගෙන විත් තිබූ සිසිල් බීම බෝතලයකට වස වර්ගයක් දමා බාල දරුවන්හට පෙවීමෙන් පසුව ඔහුද එය පානය කොට ඇති බව පොලිස් පරීක්ෂණ මඟින් හෙළි වී ඇති අතර වෙළෙඳසලේ සිට නැවත නිවෙසට පැමිණි බිරියට දැකගැනීමට හැකි වී ඇත්තේ වස ශරීර ගත වීම හේතුවෙන් නිවෙසේ වැටී දැඩි අපහසුවෙන් යුක්තව සිටින තම ස්වාමිය සහ බාලදරුවන් දෙදෙනාය.
ඇය කෑ ගසා මේ පිළිබඳ අසල්වාසීන් හට දැනුම්වත් කිරීමෙන් පසුව අසාධ්‍ය තත්ත්වයේ සිටි පිය පුතු තිදෙනා වහාම මහනුවර මහ රෝහල වෙත රැගෙන යෑමට කටයුතු කළ අතර ඔවුන් ඉතා ස්වල්ප වේලාවකදී දැඩිසත්කාර ඒකකයේදී ප්‍රතිකාර ලබමින් සිටියදීම මියගිය බව මහනුවර මහ රෝහල සඳහන් කරයි.
මහනුවර මූලස්ථාන පොලිසියේ අපරාධ විමර්ශන ඒකකය සිද්ධිය පිළිබඳ විමර්ශන කටයුතු ආරම්භ කොට ඇති අතර එහිදී ඔවුනට මියගිය උදය කුමාර් විසින් ලියන ලද ලිපි දෙකක් සොයා ගැනීමට හැකිව තිබේ.
තම වැඩිමහල් පුතුට අම්මා හොඳින් බලාගන්නා ලෙසට එක් ලිපියක් ලියා ඇති බව පැවැසෙන අතර අනෙක් ලිපියේ සඳහන් වී ඇත්තේ තමා කුඩා පුතුන් දෙදෙනාද සමඟ මෙලොව හැර යන බවත් ඒ සම්බන්ධයෙන් තම බිරිය හෝ වෙනත් කිසිවකු වගකිව නොයුතු බවත් සියලු සිද්ධීන්ට වගකිව යුත්තා තමා බවත්ය.
උපුටා
ගැනීම -මව්බිම