ඉංග්‍රීසී දැනුම වර්ධනය කිරීම සඳහා නොමිලේ ඉංග්‍රීසී ඉගැන්මේ වැඩසටහනක් හෙට (23) සිට ජාතික රූපවාහිනය ඔස්සේ පස්වරු 7.00 සිට 7.30 දක්වා විකාශනය කිරීම ආරම්භ වන බව අධ්‍යාපන අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා පැවසීය.
මේ අනුව සෑම සෙනසුරාදා දිනක දී ම මෙම වැඩසටහන මෙම වේලාවට විකාශනය වේ.තෛභාෂා ප්‍රතිපත්තිය යටතේ ජනාධිපති විශේෂ ඉංග්‍රීසී අධ්‍යාපන ඒකක, අධ්‍යාපන අමාත්‍යාංශය, ජාතික අධ්‍යාපන ආයතනය එක්ව මෙම ඉංග්‍රීසී සංයුක්ත තැටි හඳුන්වා දී තිබේ.
ඉදිරියේදී ගුවන් විදුලිය හා මුද්‍රිත මාධ්‍ය ඔස්සේ ද මෙම වැඩපිළිවෙළ ක්‍රියාත්මක කිරීමට නියමිත බව අමාත්‍යවරයා වැඩිදුරටත් පැවසීය.