වහාම ක්‍රියාත්මක වන පරිදි Dextromethorphan (DXM) ඩෙස්ක්ට්රෝමෙතොෆන් නමැති රසායනිකය අඩංගු සියලූම ඖෂධ ආරක්ෂිත පියවරක් ලෙස අත්හිටුවීමට තීරණය කර තිබෙනවා. ඩෙස්ක්ට්රෝමෙතොෆන් යනු කැස්ස සමනය කිරීම සඳහා භාවිත කරන ඖෂධවල බහුලව අඩංගු රසායනිකයක්. ලෝක සෞඛ්‍ය සංවිධානය නිකුත් කර ඇති අනතුරු ඇගවීමක් සැළකිල්ලට ගෙනයි විලවුන් උපකරණ සහ ඖෂධ අධිකාරිය මෙම පියවර ගෙන ඇත්තේ. මෑතකදී පකිස්තානයේ ලාහෝර් සහ ගුජරන්වාලා යන ප්‍රදේශවල 60කට අධික පිරිසක් ජීවිතක්ෂයට පත්ව තවත් විශාල පිරිසක් අතුරු ආබාධවලට ලක්වීම සළකා ලෝක සෞඛ්‍ය සංවිධානය මෙම අනතුරු ඇගවීම නිකුත් කළා. ඒ අනුව, ඩෙස්ක්ට්රෝමෙතොෆන් නමැති රසායනිකය අඩංගු ඖෂධ 30ක් පමණ තාවකාලිකව අත්හිටවු බවයි විලවුන් උපකරණ සහ ඖෂධ අධිකාරියේ අධ්යක්ෂ වෛද්‍ය හේමන්ත බෙනරගම මහතා පැවසුවේ.
මෙම රසායනිකය අඩංගු ඖෂධ ගෙන්වන සමාගම්වලින් ඒවායේ අමුද්‍රව්‍ය පිළිබඳව වාර්තාවක් ලබාදෙන ලෙස දන්වා ඇතැයි අධ්යක්ෂවරයා සඳහන් කළා.
කෙසේවෙතත් මෙම රසායනිකය අඩංගු නොවන කැස්සට භාවිතා කරන වෙනත් සිරප් ඇති බැවින් මේ පිළිබඳ ජනතාව බියවිය යුතු නොමැති බවද ප්‍රකාශ කෙරුණා.