සිංහරාජ වනාන්තරය ව්‍යාප්ත කෙරේ

ලෝක උරුමයක් වන සිංහරාජ වැසි වනාන්තරයේ සීමාව ව්‍යාප්ත වන අයුරින් හෙක්ටයාර් 2000ක් අලුතින් ඇතුළත් කරන බව ඉඩම් සංවර්ධන අමාත්‍යාංශය නිවේදනය කරයි. යුනෙස්කෝ ලෝක උරුමය සුරැකීම සඳහා හෙක්ටයාර් 2488ක් රජය විසින් පවරා ගෙන ඇති බව අමාත්‍ය ජනක බණ්ඩාර තෙන්නකෝන් මහතා පැවසීය. මෙම ඉඩම් ප්‍රමාණය අනවසරයෙන් තේ වගාව සඳහා භාවිත කර තිබුණු බව ද වැඩිදුරටත් අමාත්‍යවරයා හෙළි කළේය. පැරණි සීමාවන් නැවත වෙනස් කර අනවසර පදිංචිකරුවන් ඉවත් කරනු ලබන්නේ වැසි වනාන්තර අනාගත පරපුරට උරුම කර දීමට බව ද අමාත්‍යවරයා පැවසීය. 
 සිංහරාජ රක්ෂිතය නැගෙනහිර සිට බටහිරට කි.මී 21 (සැ. 13) ද, උපරිම වශයෙන් උතුරේ සිට දකුණ දක්වා කි.මී. 7 (සැ. 4.3) දක්වා ද විහිදේ.

Gossip Lanka Hot News Previous News Archive